Victor Ratnayake - Daiwayogayakin Nowedo

Описание к видео Victor Ratnayake - Daiwayogayakin Nowedo

දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමුවුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ....

ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි....

නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිලිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි....

ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

Комментарии

Информация по комментариям в разработке