Penuna Suwa Dasun Karaoke with Lyrics | Hendri Kaldera Karoke

Описание к видео Penuna Suwa Dasun Karaoke with Lyrics | Hendri Kaldera Karoke

පෙනුන සුව දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවේ සිතකට දෙවනවද ඔයා
යහන මත වදී හිරු දෙවි දෙඇස පිය පායා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා


සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා
වල් කොල කොටා දියේ මුසුකර තේ හදා පොවා
සැලැකූ ළමාවියේ සැලැකිලි නොමැත මග හැරී
මට ආදරෙයි කියන්නකෝ මුවගින් අමා පිරී

ඇන්ද රතු වලා සිතුවම් අකුලවා තියා
සිතරු පෙල සැදෑ අදුරට ඉඩ තබා ගියා
සීත සද නැගෙයි පෙරඹර කවුළු දොර අයා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

හමුවිනි අන්නත මල් උයනක සුවද මත වැදී
ලියලයි හදේ පැතුම් ඔබ වෙතම හැරි හැරී
පාළුව ලැගුම් ගනී හද තුල mතුල එරි එරී
මට ආදරෙයි කියන්නකෝ මුවගින් අමා පිරී

පෙනුන සුව දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවේ සිතකට දෙවනවද ඔයා
යහන මත වදී හිරු දෙවි දෙඇස පිය පායා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා.////

Комментарии

Информация по комментариям в разработке