අපිට අදහසක් දීලා තිබෙනවා හොඳට ඉගෙන ගත්තොත් හොඳ ජීවිතයක් ලැබෙනවා කියල. සියළු කැපකිරීම් කරලා ඉගෙන ...

Описание к видео අපිට අදහසක් දීලා තිබෙනවා හොඳට ඉගෙන ගත්තොත් හොඳ ජීවිතයක් ලැබෙනවා කියල. සියළු කැපකිරීම් කරලා ඉගෙන ...

Ven Koralayaagama Saranathissa Thero - The Buddhist TV- 2024-11-30
Bisa Jathaka Explanation - Part 04
පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෞද්ධයා රූපවාහිනී නාළිකාව 2024-11-30
බිස ජාතකය ඇසුරෙන් - 04 කොටස
මෙතක් සාරාංශය
වස්තු කාමක්ලේශ කාම ගැන ඇති කරගන්න තණ්හාව මොනතරම් භයානක ද
ශක්‍ර දෙවියන් මහා ඍෂි වරයාගේ නෙළුම් අල කොටස හැංගුවා..
පුණ්ණ තෙරුන් ප්‍රකාශය
පුණ්ණ තෙරුන් වහන්සේලා දෙදෙනක් ඉන්නවා, සුනාපරනත්තයේ පුණ්ණ තෙරුන්, අනිත් කෙනා තමයි මන්තාණි පුත්ත පුණ්ණ තෙරුන්.
මෙතැනදී අපි කතා කරන්නේ මේ මන්තාණි පුත්ත පුණ්ණ තෙරුන්.
යමෙක් නුඹේ අල කොටස සොරා කෑවේ නම් ඒ කෙනා,
"කැමති රාගය ප්‍රහිණය නොකරපු බ්‍රාහ්මණයෙක් වේවා රජතුමාගේ පුරෝහිත වෙලා, රජුගේ ගෞරවයට පාත්‍ර වෙන්න ලැබේවා , නොයෙක් සම්මාන ප්‍රසංසා රජුගෙන් ලැබේවා, මේ රජුගේ ප්‍රශංසා නිසා තව තවත් කාමයට ආශා ඇති කෙරෙත්වා.. "
ඒ මිනිස්සුන්ට ඇති බන්ධනයක් නැහැ, බැඳිලා තිබෙන්නේ එළියේ ඉන්න මිනිස්සුන්ට, නමුත් මේ වෙලාවේ හිරේ දුක් විඳින මිනිස්සුන්ට වඩා හිර ගෙදර ඉන්න අයට තිබෙන බන්ධනයන් අඩුයි.
අදට වඩා හෙට හොඳ වෙයි, කියල අපි හීනයක් පස්සේ දුවනවා
අපේ හිතට අදහසක් දීලා තිබෙනවා හොඳට ඉගෙන ගත්තොත් හොඳ ජීවිතයක් ලැබෙනවා කියල. පොඩි කාලයේ සියළු කැපකිරීම් කරලා ඉගෙන ගත්තට පස්සේ මේ දුක ඉවරද නැහැ, පසුව හොයල හොයල කාට හරි කෙඳිරි ගාල ගාල නැත්නම් අල්ලසක් දීලා හරි රැකියාවක් හොයාගන්න ඕන, ඊට පස්සේ වෙනදට වඩා උදෙන් රැකියාවට දුවන්න ඕන. ඇඳුමක් හෝදගන්න වෙලාවක් නැහැ , දෙමාපියන් දරුවන්ගේ කටයුතු කරන්න ඕන, මොනවා නැතත් වෙලාවට වැඩට දුවන්න ඕන. මේවා කරල කරලා අන්තිමට වයසට ගිහින්, කල්පනා කරලා බැලුවම අපි සැහීමකට පත් වෙලත් නැහැ, අපිට ඇති වෙලත් නැහැ, තමන්ට කියල යමක් කරගන්න විවේකයක් තිබුණේ නැහැ.
නමුත් මේ ලෝකයේ කිසි දෙයක් මැරෙන කොට ගෙනියන්නේ නැහැ. අරගෙන යන්න හම්බ කරගත්ත දෙයක් නැහැ. හම්බ කරගත්ත දේවල් ඉඩ කඩම්, යාන වාහන තිබෙනවා, සල්ලි තිබෙනවා බැංකු වල , නමුත් මියැදෙන වෙලාවේ අඹු දරුවන් සියල්ලම ද දාල යන්න වෙනවා
කාම සහිත ජීවිතය ඒකාන්තයෙන් සංසාරයේ මම දුකකට අදාල දමනවා
ධර්ම දේශණාව ශ්‍රවණය කරන්න
විශාරද කියන්නේ - යමක් දැනගත්ත නම් ඒ දැනගත්ත ඒ පරතෙරට දැනගන්න ඕන, අන්න ඒ කෙනාට විශාරද කියන්නේ
මාරයාට වත් භාග්‍යවතුන් වහන්සේට බාධා කරන්න බැහැ
අපි දුක රැස් කරන මාවත ආශීර්වාදයක් කරලා දුක නැති කරන මාවත ප්‍රතික්ෂේප කරනවා..
ඒ නිසා ප්‍රඥාව හසුරවලා සංසාරයේ අතරමං වෙන්න තිබෙන දොරවල් හසුරවලා...
දේවදත්ත තෙරුන් කියන්නේ සාරිපුත්තයන් වහන්සේට වඩා දෙගුණයක් පාරමිතා පුරලා සම්පුර්ණ කරපු උත්තමයෙක්. දැනුත් අවීචියේ පැහෙනවා, සිල් නැතුව නෙමෙයි, තිසරණය නැතුව.. තිසරණයි පන්සිල් මනාව සම්පුර්ණ නම් ඒ කෙනා මිය යන මොහොතේ සතර අපායේ දොරවල් වැහෙන බව සඳහන් වෙනවා ඒ මොකද
තමන්ට ලැබුණ මේ වාසනාවන්ත ජීවිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න කියල..
ධර්ම දේශණාව ශ්‍රවණය කරන්න...
#Ratha_Vinitha_Sutta_Explanation #Ratha_Vinitha_Sutta
#bana #budubana #venkoralayagamasaranathissa #koralayagamasaranathissa #buddhisttv #2024 #koralayagamasaranathissahimi #ranmallasantha #koralayagamasaranathissathero #budu_bana #bana_deshana #koralayagamasaranathissahamuduruwo #dharmadeshanasinhala #darmadeshanasinhala

Комментарии

Информация по комментариям в разработке