ගූණසිංහපුර ගෝතමී | Gunasinghepura Gothami | Attidiye Pugngnarathana | Indika Liyanage

Описание к видео ගූණසිංහපුර ගෝතමී | Gunasinghepura Gothami | Attidiye Pugngnarathana | Indika Liyanage

"ගූණසිංහපුර ගෝතමී"

ලෑලි සිපගත්
ලැයිමේ කවුරුත්
දන්න කාගෙත් හිතවතී
කොටුවේ බෝ ගහ යටට එන්නී
පුරන්නට නොව පාරමී
පඩි පෙලක් දරු පැටවු ඈ වැදු
නිවන්නට උන් සාගිනී
වඩේ විකුණා මක් කරන්නද
සැමියෙකුදු නැති අසරණී

ළඟින් යනකොට ගාණ අහලා
මහත්වරු යති මාරු වී
ඒත් තාමත් කවුරුවත් නෑ
ලැමේ ගින්නට හාද වී
මාංචුව අත් දෙකට වැටුණා
රිදී වළලුත් පැරදුනී
මහත්තයෝ මං අසරණයි වැඳ
දොහොත් දී ඈ වැලපුණී

නග්න වී නෙතු වසා තිරපට
ඇයටවත් ඈ නොපෙණුනී
තුලාවත් අසමාන වී අසිපතත් ඇගෙ පාමුල වැටී
බේරේ වැව ළඟ දැනෙන සුවඳට
අලුත් කඩයත් නොදෙවෙනී
ඇපයකට හපයක් වුණා යලී
ගුණසිංහපුර ගෝතමී..

ගේය පද: අත්තිඩියේ පුඤ්ඤරතන හිමි
සංගීතය සහ ගායනය: ඉන්දික ලියනගේ
______________________________________________________________________
ප්‍රතිභා-PRATHIBHA
"ශ්‍රී ලාංකේය සුභාවිත ගීතයේ සෞන්දර්යාත්මක තිඹිරිගෙය".
ලෞකික අනුකරණවාදී ගී නිර්මාණකරණයෙන් මිදී ඔබේම ගීයක ලෝකෝත්තර උරුමයටමග ඵල පෙන්වන අපේ කාලයේ කමටහන.
ගේය පද රචක:අත්තිඩියේ පුඤ්ඤරතන හිමි.


Subscribe our Youtube channel :-    / @prathibha-722  
Email:- [email protected]
Facebook:-  / prathibhasongwriters  

Комментарии

Информация по комментариям в разработке