සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑය - මහමෙව්නාව භාවනා අසපුව බණ්ඩාරවෙල ☸ Drone Footage | Mini2 |Sri lanka

Описание к видео සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑය - මහමෙව්නාව භාවනා අසපුව බණ්ඩාරවෙල ☸ Drone Footage | Mini2 |Sri lanka

☸️.සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑය.☸️

බදුලු බණ්ඩාරවෙල ගමන් කරන ඔබගේ සිත් සන්සන්තාලය වන අපූරු ස්ථානයක් ලෙස සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑය හැදින්විය හැකිය.
මෙම අසපුව බණ්ඩාරවෙල කුඹල්වෙල ප්‍රදේශයේ සුන්දර කඳු මුදුනක පිහිටා ඇත.1999 අගෝස්තු මස 14 දින තමා මේ අසපුව මුලින්ම ආරම්භ කර ඇත.

මෙම මහමෙව්නාව අසපුවේ "සිරි ඉන්දක සමන් මහාසෑය” නම් චෛත්‍යරාජයන් වහන්සේ ඉදි කර ඇත.මෑතකදී ඉදිවුන මේ සිරි ඉන්දක සමන් සත් බුදු මහා සෑ රජාණන් වහන්සේගේ උතුම් ධාතු නිධානෝත්සවය පැවැත්වුනේ පසුගිය 2018 වසරේදීයි..
මෙම සිරි ඉන්දක සමන් මහා සෑය අඩි 110ක් උසයි. ඌව පළාතේ ඉදිවූ විශාලතම සෑ රජාණන් වහන්සේ මෙයයි.මේ ගැන වැඩි තොරතුරක් සොයා ගන්න නොලැබුනත් මෙය නිර්මාණය කිරීම සහ මෙම නම යෙදීම ගැන මෙලෙස සදහන් වෙනවා.
"කප් සුවහස් ගණනින් දුර්ලභ ඒ අසිරිමත් ශ්‍රී සම්බුද්ධත්වය සාක්‍ෂාත් කරමින් අනූ එක් කල්පයක් තුළ ලොව පහළ වී වදාළ අසමසම විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සම්මා සම්බුදු රජාණන් වහන්සේලා සත් නම උදෙසාත්.

සත් බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත ගුණස්කන්ධයට උපහාර පිණිස සැදැහැතියන් වෙත කරුණාවෙන් සෙත සලසන ආර්ය ශ්‍රාවක සුමන සමන් දෙව්රජාණන්ගේත්, ඉන්දක දෙව්රජාණන් වහන්සේ උදෙසාත් පිදූ පින්බිමක් ලෙස මෙය සැලකේ.ඒ අර්ථයෙන් මෙම සෑයට සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑය ලෙස නම් කර තිබෙනවා.

සොදුරු නමුණුකුල නිල්වන් කඳු යාය පෙනෙන මානයේ සුපිහිටි සිනිඳු මිහිදුම් වැටියෙන් නිරන්තරයෙන් සෞම්‍යවත් වූ බණ්ඩාරවෙල කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුවේ මේ චෛත්‍යරාජයන් වහන්සේ ඉදිකර ඇත්තේ.

සිරි ඉන්දක සමන් සත්බුදු මහ සෑ රජුන්ගේ සුවඳවත් ධාතුගර්භය තුළ තැන්පත් වන සුන්දර බුද්ධ ප්‍රතිමාවහන්සේ මුතියංගණ රජමහාවිහාරයේ සිට වැඩම කරවූවකි.

මේ භූමිය තුළ ත්‍රිවිධ මංගල්‍යය, දම්සක් දෙසුම, සමනොළ ගිරි හිස ශ්‍රීපාද පද්මය පිහිටුවීම ආදී සම්බුද්ධ චරිතාපදානයේ අති සුවිශේෂී සිදුවීම් මූර්තිමත් කරමින් අලංකාර කර ඇත.

වළාපටල අතරින් දිදුලන මුතු බුබුලක් වන් බණ්ඩාරවෙල කුබල්වල මහමෙව්නාව සිරි බෝධිගිරි පව් ඉස්මත්තේ විරාජමනව වැඩ සිටිනා සිරි ඉන්දක සමන් සත් බුදු මහ සෑ රජුන්ට නමස්කාර වේවා.

බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ හෝ බණ්ඩාරවෙල ඇල්ල මාර්ගයේ හෝ ගමන් කරන ඔබට මෙම සුන්දර සෑ රජාණන් වහන්සේ දැක ගන්න පුලුවන්.

ඔබ බදුලු බණ්ඩාරවෙල ප්‍රදේශයේ යන මොහොතක මෙම සෑ රජාණන් වහන්සේ වන්දනාමාන කරගන්නටත් අමතක කරන්න එපා.

.... Siri Indaka Saman Maha Seya ....

Siri Indaka Saman Sathbudu Maha Seya is a wonderful place to visit in Badulla Bandarawela.
This monastery is located on a beautiful hilltop in the Kumbalwela area of ​​Bandarawela. He first established this monastery on 14th August 1999.

This Mahamevnawa Monastery has been built by the Chaityaraja called 'Siri Indaka Saman Maha Seya'.
This Siri Indaka Saman Maha Seya is 110 feet high. This is the largest temple built in the Uva Province. Although no further information is available about this, it is mentioned as follows about its creation and the use of this name.

For the seven names of the Samma Sambuddha kings Vipassi, Sikhism, Vessabhu, Kakusanda, Konagamana, Kashyapa and Gautama who came into the world in ninety one Kalpas, realizing that wonderful enlightenment which is rare in thousands of cups.

This shrine is considered to be the abode of Sumana Saman, the Aryan disciple who bestowed grace on the devotees to pay homage to the Infinite Virtue of the Supreme Buddha, and to Lord Indaka.

These Dagobas have been built at the Kumbalwela Mahamevnawa Meditation Monastery in Bandarawela.

Siri Indaka Saman Sathbudu Maha Seya is a beautiful Buddha statue placed in the fragrant relics of the kings from the Muthiyangana Rajamaha Vihara.

In this area, the three festivals, the Damsak sermon, the installation of the rainbow head and the Sripada Padma are embodied and embodied in the most significant events of the biography of the Buddha.

Worship to King Siri Indaka Saman Sath Buddha Maha Se who resides on the top of the Mahamevnawa Siri Bodhigiri sins in Kubala, Bandarawela, a pearl bubble shining through the clouds.

If you travel on the Badulla - Bandarawela road or the Bandarawela Ella road you can see this beautiful shrine.

When you visit Badulla Bandarawela, do not forget to pay homage to this Lord.

Information:( Courtesy of the Internet)

Комментарии

Информация по комментариям в разработке