තුන්ලෝකාග්‍රවූ, භාග්‍යවත් වූ, අර්හත් වූ, දසබලධාරී, සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේටත්, උන්වහන්සේ විසින් පරෝපදේශ රහිතව ස්ව උත්සාහයෙන් ප්රත්යක්ෂ වශයෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටත්, උන්වහන්සේ විසින් දේශිත ඒ උතුම් ආර්ය මාර්ගයේ වැඩමකල - වැඩමකරවන ආර්ය මහා සංඝරත්නයටත් පළමුවද, දෙවනුවද, තෙවනුවද අපගේ නමස්කාරය වේවා!!! සාදු! සාදු!! සාදු!!!
පසුගිය, 2018 නිකිණි මස 06 දින,(සඳුදා) ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ විකාශනය කරන ලද උදෑසන 08.00 ධර්මානුශාසනාව පවත්වා වදාළේ; දිවුලපිටිය, බරවාවිල, ශ්‍රී අභිනවාරාමාධිපති, රාජකීය පණ්ඩිත, අවසරයි, හෙණ්ඩුවාවේ ධම්මදීප ස්වාමීන් වහන්සේ විසිනි.
තුන්ලෝකාග්ර වූ, භාග්‍යවත් වූ, අර්හත් වූ, දස බලධාරී, සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ, උතුම් ධර්මස්කන්ධයන් අතුරින්; "සබ්බං පහාය ගමනීයං" යන පාඨය මාතෘකා කරගනිමින්, ජීවිතයේ තේරුම් ගතයුතු උතුම් ධර්ම කාරණාවක් වන "කෙදිනක හෝ සියල්ල දමා යා යුතු බව, අත්හරින්නේ මොනවද? අත්හරින්නේ කොහොමද? අත්හැරිය යුතේ ඇයි? අත්හැරීමේ ප්‍රතිඵලය කුමක්දැයි" මනාව විග්රහ කරමින් පවත්වන ලද ඒ උතුම් ධර්මානුශාසනාව අසා ඒ අනුව සිත් මෙහෙයවමින් මෙලොවින් පරළොවට ගෙනයන මිණිමුතු රැස්කරගන්නට ධර්මයට සමීප (උපාසක) ඔබ අප්රමාදී වේවා!!!
අපගේ වන්දනීය දේශකයාණන් වහන්සේටත්, ගුවන්විදුලි සංස්ථාවේ හා බාහිර වශයෙන් නන් අයුරින් දායකත්වය සැපයූ සැමටත්, පින් කැමති සියළුදෙනාටත් මේ උතුම් ධර්ම දානමය පින් අත්වේවා!!!
එසේම අපගේ මව්පියන්, සහෝදර සහෝදරියන්, ඤාති මිත්රාදීන්ටද, අනන්ත සසර පටන් මේ මොහොත දක්වා අප නමින් මිය පරලොව ගියා වූ සියළුම ඥාති-මිත්රාදීන්ද, ගුරු-දෙගුරුන්ද මේ පින් අනුමෝදම් වෙත්වා!!!
යමෙකු දුගතියක වෙත් නම් මෙ පින් බෙලෙන් සුගතිගාමී වෙත්වා!!! සුගතියක වෙත්නම් එහිදීම උතුම් වූ ධර්මාවබෝධය වේවා!!!
අවසන් වශයෙන්, ඔබ අප සියළු දෙනාටම මේ උතුම් ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනයේදීම සසර කතරින් එතෙරවීමට තෙරුවන්ගේ ආශීර්වාදයෙන් හැකියාව ලැබේවා!!!
බුදුන් සරණ හැර අන් සරණක් නැත මා හට,
දහම් සරණ හැර අන් සරණක් නැත මා හට,
සඟුන් සරණ හැර අන් සරණක් නැත මා හට,
මෙතුන් සරණ හැර අන් සරණක් නැත මා හට.
සාදු! සාදු!! සාදු!!!
"දස බල බුදුරජාණන් වහන්සේ නම් මහා පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහා සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ මහා ගංගාව අපමණ සත්ත්වයාගේ අනන්ත සසර දුක් ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා!!!
(වසර විසිපහක් පුරා භාග්‍යවතුන් වහන්සේට ඇප උපස්ථාන කරමින් කටයුතු කළ අග්‍ර උපස්ථායක, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ රහතන් වහන්සේ විසින් කරන ලද අධිෂ්ඨානයකි.)
අපගේද පරම පැතුම එයයි. එය එසේම වේවා!!! සාදු! සාදු!! සාදු!!!
~~~ ජයවීරගේ සමන්ත ~ රුසියාවේ සිට ~~~
Информация по комментариям в разработке