කාසි හිඟ වෙනකොට කැලේ කොළ හොය හොයා හීනියට ලියන්නැති.. Wathpotha Samajasathkaraya

Описание к видео කාසි හිඟ වෙනකොට කැලේ කොළ හොය හොයා හීනියට ලියන්නැති.. Wathpotha Samajasathkaraya

හාල් ඇට ටික කඳුළු වලින්
සෝදන්නැති..........
කාසි හිඟ වෙනකොට
කැලේ කොල හොය හොය
හීනියට ලියන්නැති..........

ඇඳුම් කඩමලු දියේ
ඔබන්නැති.......
ඉරෙනවට බයේ
දෑතින් අපුල්ලා රෙදි වැලක
වනන්නැති.........

අපිට කලිසම් මසා
අන්දන්නැති
චීත්ත පට ඉරුණු තැන්
ඉනට තියාගෙන ඇයත්
අඳින්නැති......

පෙඟුනු දරවල මඩ දුම ඇසට
වදින්නැති......
හිතේ කඳුලු බර
ලිපේ දුමට වඩා වැඩියෙන්
රිදවන්නැති.......

බඩේ බඩවැල් අඬනකොට
හීල්ලෙන්නැති.......
අපිට නොකියා
මඩක්කුවට බත් දංකුඩ
බෙදන්නැති......

හොදි ඇතිලි හිස් වෙනකොට
හිනා වෙන්නැති......
රහයි කිය කිය
ඉතුරු බත් ටික හට්ටියෙ
පිහින්නැති.....

ලෙඩක් දුකකදි හොරෙන්
හඬන්නැති.....
වෙනිවැල් ගැට කොත්තමල්ලි
තිත්ත රහටම දිවත් ඇකිලී
සැනසෙන්නට ඇති......

අපේ අකුරු දැක පාසැල්
යවන්නැති....
අකුරු බැරුවත්
අපේ විභාගෙට ලකුණු බල බල
ඇඟිලි ගනින්නැති...........

නැති බැරිකම් අඟ හිඟ
දැනෙන්නැති
රුපියලේ කාසි
අපිට හොරෙන් අපි වෙනුවෙන්
පැදුරු ආනක හංගන්නැති......

රුවන්වැලියට මලක් පුදන්නට
හිතේ ඇති.......
නැති බැරි හින්දම
ගමේ පන්සලේ බෝධිය
නාවන්නැති...........

සසරෙ හැමදාමත් අපිත් එක්කම
එන්නැති.......
අපේ දුක දැක දැක
එගොඩ වෙනතෙක් සසරෙන්
අපිවම පතන්නැති.........

______🙏අම්මා🙏____

#වත්පොත_සමාජසත්කාරය
#wathpotha_samajasathkaraya

Комментарии

Информация по комментариям в разработке