thuraga wannama

Описание к видео thuraga wannama

තිත-සුලු මැදුම් දෙතිත (2+3)

බෙර පදය-දෝං ජින්ත ගත දොංත

කවිය- සත් වෙත් මහත් අදර ලත් යුත් සිදත් කුමරු
ගත් සිත් තොසත් පැවිදි අංගා

අන කරන ඡන්නයෙන කන්තකය අසු ගෙනෙන
ගෙන එදින අසුගෙ පිට නැංගා

ගත් ගත් පයත් අසුගෙ සබ්දත් වසත් සුරිඳු
යන්නෙන් තොසින් තිදෙන සමගා

යන යනෙන කල තිදෙන එතැන තැන පසුව දැන
ගංතෙරට පත්වුණිය එමගා

ලත් ලත් සිතත් තිදෙන වෙත් වෙත් එකත් පසව
මුත් කන්තකත් වේය තුරඟා

සිදුහතුන් ගෙන වහන ඡන්න වලිගය අතින
පැන්නෙන් එතෙර අනොම ගංගා

ගොත් සිත් මහත් රුසිරු ලත් යුත් සිදත් කුමරු
ගෙන් සෙත් රැගත් නෙර්ත අංගා

තිදෙන පැන ගියෙ ගඟින එතෙද අණ ගෙන බැතින
යෙදුව නැණ වර්ණයෙන තුරඟා

Комментарии

Информация по комментариям в разработке