කොලොම්බ දකුන, ලුනාව ඔබ්බෙන් ගිලී ඇති Thermopylae Sierra නැව යකඩ සඳහා ගලවා නොගත යුත්තේ මන්ද යන්න මහජනතාවට පැහැදිලි කිර්‍රිමක්.
මෙම නැව දැනට ගිලී වසර 9ක් පසුවී, එය මසුන් ගැවසෙන සශ්‍රීක ස්තානයක් බවට පත්වී හමාරය. මෙම නැව දැන් කොලොම්බඅවට දීවර ජනතාව්ගේ සහ සන්චාරක කර්මාන්තයේ යෙදෙන අයතන වලට ඉමහත් පිටුවහලකි. නමුත් මෙම නැව යකඩ වලට කපාඉවත් කිරීමට යම් පිරිසක් ප්රයත්න දරන බව අපට ආරන්චි වී ඇත. ඔවුන් ගෙනෙන තර්කයක් තමයි මෙම නැව, නාවික ගමනාගමනයට බාධාවක් බව.
නමුත් 2012 ගිලී ගිය මෙම නැව නිසා වසර 9 ක් තිස්සේ නාවික ගමනාගමනයට කිසිදු අනතුරක් සිදුවී නැත, එය “නැව්ගමනාගමනයට කිරීමට බාධාවක්” වීම පිළිබඳව දැන් වෙනතෙක් කිසිදු ප්‍රශ්නයක් ඇති වී නොමැත. ඉතින් මෙය හදිසියේමප්රශ්නයක් විය හැක්කේ ඇයි? එය හුදෙක් සංචාරක කර්මන්තයට සහ ශ්‍රී ලංකාවේ ධීවර ආර්ථිකයට අත්‍යවශ්‍ය වන නැව්, යකඩවලට කපා ඉවත් කිරීම් සාධාරණීකරණය කිරීම සඳහා කරුණක් පමනක් බව නිගමනය කල හැකි.
මෙම නැව ඇත්ත වශයෙන්ම නාවික ගමනාගමනයට අනතුරක් නම්, එය 2012 දී ගිලී ගිය විගසම එය ශ්‍රී ලංකා වරාය අධිකාරියවිසින් ඉවත් කරනු ඇත.1983 අප්‍රේල් මාසයේදී, MV Chief Dragon කාර් නැව කොළඹ වරාය අසල ගිලෙන විට, වරාය අධිකාරියක්ෂණික පියවර ගෙන, එය යකඩ වලට නොකපා, එහි මුදුන පමනක් පුපුරවා හැර නාවික ගමනාගමනයට තිබු තර්ජනය අවමකරේය. අද මෙම නැව සශ්‍රීක කෘතිම කොරල් පරයක් වන අතර සංචාරක හා ධීවර කර්මාන්තයට සම්පතක් වේ. එහෙනම්Thermopylae Sierra නාවික ගමනාගමනයට අවහිරයක් නම්, ඉවත් කිරීම සඳහා වසර 9 ක් සිටියේ ඇයි?
මීට අමතරව, වාණිජ නැව් මංතීරු සහ වරාය ප්රවේශයන් Thermopylae Sierra සිට කිලෝමීටර ගණනාවක් බටහිර දෙසින් පිහිටාඇත. සමුද්‍ර රේඩාර් සහ ගැඹුර මැනිය හැකි echo sounder යන්ත්‍ර ඇතුළු නවීන නාවික තාක්ෂණයන්ගෙන් සමන්විත නවීනනැව්වලට වෙරළට කිලෝමීටර් 3 ක් පමණ, නොගැඹුරු මුහුදු තීරයේ පිහිටා ඇති Sierra නැව මගහැර් ගමන් කිරීමට නොහැකිවීමට හේතුවක් නැත. කොහොමත්, Sierra අසල මුහුදු වෙරළේ නොගැම්බුරු බව නිසා කිසිදු නෞකාවක් එය අසලටනොපැමිණිය යුතුය. (Sierra එහි ගිලී ගියේ එය නීතිමය ආරවුලක් හේතුවෙන් වසර ගණනාවක් එම ස්තානයේ නැංගුරම් ලා තිබූබැවිනි.)
ඉතා පැහැදිලිව කිවහොත්, Thermopylae Sierra නැව යකඩ වලර කපාගැනීම සඳහා තර්කයක් ලෙස “නැව් ගමනාගමනයටකිරීමට ඇති බාධා” යනු සාධාරණීකරණය කිරීම සඳහා වන කඩතුරාවකි, එමෙන්ම පසුගිය වසර 9 ක කාලය තුළ වර්ධනය වෙමින්පවතින කෘතිම කොරල් පරයක් විනාශ කිරීමකි. මේ අවස්තාවේ නැව කැපිම තවත් පරිසර දූශනය කරන වැඩ පිලිවෙලකි.
Thermopylae Sierra නැව ශ්‍රී ලංකාවට සහ එහි ආර්ථිකයට වටිනා වන්නේ ඇයි?
ධීවර කර්මන්තයට
මෙම නැව විවිද මසුන් වාසය කරන කෘතිම කොරල් පරයක් බවට පරිවර්තනය වී ඇත. Shoaling fish අතර නිල් පැහැති ඉරි සහිතස්නැපර්ස්, ඉන්දියානු මැකරල් සහ ෆියුසිලියර්ස් ඇතුළත් වේ. Reef fish ගනයේ, බැනර්ෆිෂ්, ලයන්ෆිෂ්, ස්කොපියන්ෆිෂ්, පෆර්ෆිෂ්, බොක්ස්ෆිෂ්, මූරිෂ් අයිඩොල්, කැස්බෑවන්, බූවල්ලා සහ තවත් බොහෝ විශේෂ ඇතුළත් වේ. සමහර අවස්ථාවලදී පරව්, මඩුවෝසහ මෝරුන් (whale shark)වැනි විශාල සමුද්‍ර මසුන් යම් කාලවල දක්නට ලැබේ. මෙම නැව මසුන් පෝෂණය කිරීම හා බෝ කිරීමසඳහා නවාතැනක් ලෙස ක්‍රියා කරයි. වැඩිහිටි වියට පැමිනෙන තෙක් මසුන්ට අභිජනනාගාරයක් ලෙස ක්‍රියා කරයි. මෙම නැව නිසාමේ ප්‍රදේශයේ ජීවත්වන මසුන් වැඩි කර ඇතර, ඒ නිසා දේශීය ධීවරයින්ට දිවා රෑ නොබලා මසුන් ඇල්ලීම සඳහා මෙමඟින් ධීවරභූමියක් නිර්මාණය වී තිබේ. මෙහි මලු බෑමට පානදුර සිට මීගමුව දකවා ප්‍රදේශයේ දීවරයෝ මෙහි පැමිනෙති.
සංචාරක කර්මන්තයට
දේශීය හා විදේශීය විනෝදාත්මක SCUBA කිමිදුම්කරුවන් සඳහා කොළඹ වඩාත් ජනප්‍රිය කිමිදුම් අඩවිය වන්නේ Thermopylae Sierra නැවයි. කොළඹ, මීගමුව සහ තවත් බොහෝ කිමිදුම් මධ්‍යස්ථාන වලින් මෙම නැවට කිමිදුම් විනෝද චාරිකා මෙහෙයවති. එබැවින් මෙමෙ නැව මෙරටට විදේශ මුදල් ආකර්ෂණය කර ගැනීමේ ප්‍රභවයකි. ඊට අමතරව ප්‍රදේශයේ බෝට්ටුකරුවන්, සංචාරකයින්ව මෙහි දිය මතුපිට swimming and snorkeling විනෝද චාරිකා සඳහා රැගෙන යන අතර, බොල්ගොඩ ඇතිසමාගම් කිහිපයක් මෙම නැවට ජෙට්-ස්කී (jet ski) චාරිකා ලබා දෙයි.
අධ්‍යාපනික කටයුතු සදහා
ලන්කාවේ ඇති ඉතා විශාල හා නොගැඹුරු නැවක් ලෙස (ගැඹුර: මීටර 0 සිට මීටර් 23 දක්වා), Thermopylae Sierra නැව සමුද්රවිද්යාව හා පරිසර් සංරක්ෂන දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා ඇතු අගනා මෙවලමකි. බොහෝ කුඩා දරුවන්ට (වයස අවුරුදු 10 සහ ඊට වැඩි) නැව් කිමිදීමට හැකිවීමෙන් ඔවුන්ගේ ආරම්භක කිමිදුම් සහතික ලබා ගැනීම සඳහා මෙය කදිම පුහුණුමධ්යස්ථානයකි. එමගින් ඔවුන් සාගරය හා සාගර සම්පත් සංරක්ෂණය කෙරෙහි දැඩි උනන්දුවක් ඇති කර තිබේ. මෙම නෞකාවනිසා ළමයින් විශාල ප්‍රමාණයක් සාගර විද්යාගනයින් වීමට පෙලෙබීම විශිශ්ඨ කරුනකි. එය දරුවන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකිනැවක් නිසා!
මීට අමතරව, විව්ද රාජ්‍ය ආයතනවලට ඔවුන්ගේ නාවික ඒකක (marine unit) පුහුණු කිරීම සඳහා මෙය කදිම වේදිකාවකි. උදාහරණයක් ලෙස 2018 දෙසැම්බරයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ සමුද්‍රීය ඒකක නිලදාරින් මෙම සුන්බුන්අතර කොරල් සමීක්ෂණ සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව පුහුණුව ලබා ගත්තාය.
අවසාන නිගමනය.
මුහුද යට ඇති නැවක වටිනාකම ගනනය කල හැක්කේ එහි ඇතු යකඩ වල මිලෙන් පමනක් නොවෙයි! එය මනිය යුත්තේ අපේරටේ අර්තිකයට තව වසර සිය ගනනක්, සන්චාරක සහ දිවර කර්මාන්තයෙන් ගෙනෙන ප්‍රතිලාබ ගනනය කිරීමෙනි!
In collaboration with the LonelyTraveller Channel
SOUNDTRACK
Song: Floatinurboat - Limbo (feat. ELIØTT) [NCS Release]
Music provided by NoCopyrightSounds
Free Download/Stream: http://ncs.io/Limbo
Watch: • Floatinurboat - Limbo (feat. ELLIØT) ...
Информация по комментариям в разработке