Legend of fei🖤- මුරණ්ඩු සටන්කාරියකට ආදරය කළ ආදරණීය දඟකාරයා |

Описание к видео Legend of fei🖤- මුරණ්ඩු සටන්කාරියකට ආදරය කළ ආදරණීය දඟකාරයා |

Drama Name - Legend Of Fei Chinese drama 2020
Episodes - 51
The series aired on Youku
Watch - Youtube
Xie Yun - Wang Yibo
Zhou Fei - Zhao Liying
Genre - Wuxia, Historical, Romance


Chinese Historical Drama එකක් වන "Legend Of Fei" හි දැක්වෙන්නේ කඩු සටන්කාරියක් වන Zhou Fei හා නිදහසේ ලොව සැරිසරන්නෙකු වන Xie Yun අතර ඇතිවන ආදර කතාවකි.. නමුත් මෙහි ප්‍රධාන වශයෙන් දැක්වෙන්නේ අධ්‍යාත්මික ශක්තීන් ඇති මිනිසුන් විනාශ වී යන කාලයක අමරණීයත්වය පිළිබදව ඇති සැඟවුණු නිධානයක් සොයාගෙන යන Zhou fei,, තම හැකියාවන් සහ අද්දැකීම් වර්ධනය කරගනිමින්, තම මිතුරන් සමඟ සටන් ලෝකය බේරාගැනීමට ගමන් කරන්නා වූ වීර චාරිකාවක් පිළිබඳවයි.. අධ්‍යාත්මික ශක්තීන්, යුද්ධයන්, හාස්‍ය, ආදරය, අභිරහස් බොහොමයක් මේ කතාවෙහි අන්තර්ගත වේ..

ඇය මුරණ්ඩු ගතිගුණ ඇති සටන් කාරියක් වූ අතර ඇය එතරම් සිනහ නොවන සීතල ගතිගුණ ඇති, සාමාන්‍ය සුන්දර කාන්තාවන්ගෙන් වෙනස් වූ තරුණියකි.. ඔහු නිදහසේ ඉබාගාතේ සැරිසන්නාවූ දඟකාරයෙක් වූ අතර ඔහු නිතරම සිනහසෙමින්, ඇයව තරහ ගස්වමින් සහ ඇයව ආරක්ෂා කරමින් ඇය අසළම දැවටෙන දගකාරයෙකි..

කුඩා කාළයේ සිටම බළකොටුවෙහි සිරවී සිටි ඇය එම ස්ථානයෙන් පැනගොස් නිදහසේ ලොව සැරිසැරීමට හීන මැවුවාය.. නමුත් ඇයගේ සියළු උත්සහයන් අසාර්ථක වූයේ බළකොටුවෙහි නායකතුමිය වූ ඇයගේ මවගෙන් දඬුවම් විදිමින් ය.. එම හුදකලා බළකොටුව ගංගාවකින් වටවී තිබුණු අතර එම ගංගාව මාරාන්තික උගුල්වලින් පිරී තිබුණි.. මෙම උගුල් වලින් කෙතරම් දක්ෂ සටන්ශිල්පියෙකුට වුවත් ඇතුළට පැමිණිය හෝ පිටතට යා නොහැක..
පිටත විවිධ ඝාතකයින්, බලවත් සටන් ශිල්පීන් මෙම බළකොටුවට ඇතුල් වීමට නිතරම උත්සහ කළද අවසානයේ ඔවුන් මරණය වෙත පමණක් ළඟා වූහ..

එදින ඇය එම බළකොටුවෙන් පැන යාමට උත්සහ කළ ඇයගේ ඥාති සහෝදරයා බේරගැනීමට යාමේදි ඔවුන් අතින් ඒ මාරාන්තික උගුල් ක්‍රියාත්මක වූ අතර ඔවුන් එම උගුල් අතර සිරවී මරණයට ළංව සිටියෝය.. නමුත් සුළග මත ඇවිදිය හැකි අසාමාන්‍ය හැකියාවක් තිබෙන තරුණයෙකු එම මාරාන්තික නූල් මතින් ඇවිද, ඔවුන් වෙත ආවේ කිසිදු අපහසුවකින් තොරවය.. සටන් ශිල්පය අසීමිතව පුහුණු කර මනස දියුණු කිරීමෙන් පමණක් මෙම ශක්ති මට්ටම් ළඟා කරගත හැකි අතර, එම කාළයේ එතරම් දක්ෂ සටන් ශිල්පීන් ලොවෙන් මැකී ගොස් තිබුණු කාලයක් විය..
ඔහු ඔවුන් දෙදෙනාව බේරාගත් අතර Zhou Fei හා Xie Yunගෙ පළමු හමුවීම එලෙස සිදුවිය.. ඔහු නිතරම සිනහවෙන් සැහැල්ලුවෙන් කල් ගෙවන දඟකාරයෙකු වූ අතර බැලූ බැල්මට ඔහුගේ සිනහව පමණක් සැමටම දීප්තිමත්ව පෙනුණි..
නමුත් ඔහු ඇත්තටම ඒ තරම්ම සතුටින්ද??
සිනහවෙන් නිතරම සැහැල්ලුවෙන් සිටින ඔහු හට කිසිදු ප්‍රශ්නයක් හෝ දුක් වේදනාවක් ඇත්තටම නැද්ද?
ඇයට පිටත ලෝකයට ගොස් නිදහසේ සිහින මවන ජීවිතය ගතකිරීමට හැකිවේවිද?
ඔහු එම මාරාන්තික උගුල් වලින් වටවූ බළකොටුවට කඩා පැන්නේ කුමන හේතුවකටද?
ඇයට සටන්ලෝකයේ කඩාවැටීම නැවැත්වීමට හෝ තම බළකොටුව ආරක්ෂා කිරීමට හැකිවේවිද ?
අමරණීයත්වය පිළිබදව සැඟව ඇති නිදානය සතුරන්ට පෙර ඔවුන්හට ලබාගත හැකිවේවිද?
Xie Yun කාත් කවුරුත් නැති ලොව පුරා ඉබාගාතෙ යන්නෙකු පමණද? ඔහු පෙනෙන තරම් සැහැල්ලු පසුබිමක් සහිත අයෙකු නොවේනම් ඔහුගේ සැබෑ අනන්‍යතාවය කුමක් වනු ඇතිද?

මේ සමය සටන්ලෝකය කඩා වැටෙමින් තිබුණු කාළය විය.. සටන් ලෝකය ලෙස හැදුන්වූයේ කදු හෙල් මත භාවනා කරමින් සහ විවිධ සටන් ශිල්ප පුහුණු කරමින් මනස දියුණු කර විවිධ ශක්තිමට්ටම් අවබොධ කරගන්නා මිනිසුන්ගේ ලෝකයයි.. මොවුන් අමරණීයත්වය හෙවත් දිව්‍යත්වය දක්වා විවිධ ශක්ති මට්ටම් අවබෝධ කරගැනීම ජීවිතයේ ප්‍රධාන අරමුණ ලෙස ගෙන ජීවත් වන මිනිසුන් වේ.. මොවුන් සාමාන්‍ය ජනයාගෙන් වෙන්ව කදු හෙල් වැනි මිනිසුන් නොගැවසෙන ස්ථාන වල ජීවත් වෙති.. අතීතයේ අමරණීයත්වයටද පත් වූ මිනිසුන් සිටියත් දැන් එවැනි අසාමාන්‍ය අධ්‍යාත්මික ශක්තීන් ඇති මිනිසුන් විනාශ යමින් පැවතුණි.. එවන් අසාමාන්‍ය බලයක් ඇති සටන් ශිල්පීන් ද සිටියේ බොහෝම සීමිත ප්‍රමාණයක් පමණි.. එලෙසම ඔවුන් විනාශ වන්නේ ඇයිදැයි මෙම කතාව නරඹන විට පැහැදිලි වේ..


( පහත තොරතුරු Wikipedia website එකෙන් ගත්ත ඒවා.. )
වසර ගණනාවකට පෙර, ජියැන්ගු රාජධානියේ අවුල් වියවුල් ඇති විය. Li Zheng නම් ප්‍රසිද්ධ කඩු ශිල්පියා නපුරට එරෙහිව සටන් කිරීමට සහ ඉතිරිව සිටි සටන්කළා ලෝකයේ මිනිසුන් ආරක්ෂා කිරීමට "48 බලකොටුව" ස්ථාපිත කළේය.

මෙම බළකොටුවෙහි නායකතුමියගේ දියණිය වූ Zhou Fei ආරක්ෂිතව නමුත් හුදකලා ව හැදී වැඩුණි. ඇය උපන් බළකොටුවෙහි පමණක් සිර වී සිටීම නිසා කළකිරීමට පත් වී සිටි Zhou Fei එම බළකොවෙන් පැන යාමට ආශාවෙන් සිටි අතර, ඒ සඳහා නැවත නැවතත් උත්සාහ කළාය.. නමුත් ඇයගේ පැන යෑම අසාර්ථක වූ අතර ඇය බොහෝ දුරට දියේ ගිලී මිය යාමට ආසන්න විට, ඇයගේ ජීවිතය Xie Yun නම් ඉබාගාතෙ සැරිසන්නාවූ තරුණයෙකු විසින් බේරා ගනු ලැබේ.. මෙලෙස ඔවුන්ගේ විශේෂ බැඳීම ආරම්භ වේ.

සටන් කලා ලෝකයේ බලපෑම සහ බලය පිරිහෙමින් පවතින සහ යුධ සහ කැලඹීමට ලක්ව ඇති කාලයක, විශාල රහසක් හේතුවෙන්, නිදහස් සැරිසරන්නෙකු වූ Xie Yun සමඟ Zhou Fei අරඹන වික්‍රමාන්විතය තුළින් කාන්තා රණශූරයෙකු වන Zhou Fei ගේ සටන් හැකියාවන් සහ ජීවිත අද්දැකීම් වර්ධනය වීම පිළිබදව ප්‍රධාන වශයෙන් මෙම කතාව කතා මාලාවේ දැක්වේ. සාමාන්‍යයෙන් ශක්තිමත් පිරිමි චරිත කැපීපෙනුනු සටන් කලා ලෝකයෙහි කාන්තා චරිතය ඉතා ශක්තිමත් වීම නිසා කථා වස්තුව සුවිශේෂී වේ..

සටහන - Lost Soul🖤🍂


#LegendofFei #有翡
#legendoffei2020 #Chinesedrama #ZhaoLiying #ZhouFei #WangYibo #Yibo #Wangyibodramas #XieYun #wangyiboXieYun #yunfei #xieyunzhoufei #xieyunlegendoffei #wangyibolegendoffei #dramareviewsinhala #sinhala #viralvideo #chinesedrama #dramareview #bestcdramaclip #lostsoul #cdrama

Комментарии

Информация по комментариям в разработке