සාන්ත ආනා මෑණියන් වෙත නිමැවුන,"තුති බැති කුසුමන් " ගීතිකාව🥰

Описание к видео සාන්ත ආනා මෑණියන් වෙත නිමැවුන,"තුති බැති කුසුමන් " ගීතිකාව🥰

සාන්ත ආනා මෑණියන් වෙත නිමැවුන,"තුති බැති කුසුමන් " ගීතිකාව

තුති බැති කුසුමන් පුදනෙමු අපි සැම
සැදැහැ සිතින් සැරසි
සුදුවර මව් ගුණ පසසා ගයනෙමු එක්වි පෙමැති හදින්
දෙවිඳුන් වෙත නිති මුළු ජීවිතයම අැදහිල්ලෙන් පුද දී
දෙව්මව් තිළිනය ලද මහ මව්රද
ගයමුවයමු බැති ගී ගයමින්

පුන ගැයුම:-
සාන්ත ආනා මෑණියනේ
පින්බර රන්බර රැජිණියනේ
ජයජය මංගලවේ මව්නේ
සැරදේ ඔබ නිති අප මව්නේ

නිමක් නොමැති ඔබේ කරුණා සෙනෙහස ලෝ සතහට ලැබදී
ප්‍රේමයේ ගුණදම් මනු හදවත් තුළ
නොමවියැකෙන්නටදී
සන්තාපය දුරුකර අප දිවියට ප්‍රීති සතුට ගෙන දී
වරදෙනු මැන දෙව්මග නිති යන්නට
සාන්ත ආනා මෑණියනේ

පුන ගැයුම:--

සරණපිහිට අයදින සැමදෙන වෙත
කරුණා දෙනෙත් යොමා
අයැදින වරයන් දෙවිඳුගේ වරමින්
නිති ඔබ ලැබ දෙවනා
නිසරුවු දිවියන් ඔබෙ යැදුමන් තුළ
ඵලදරමින් තුටු වී
පතනෙමු නිම්නැති සෙනෙහස ඔබගේ
සාන්ත ආනා මෑණියනේ

පුන ගැයුම:--

ඔබ වැඩවසනා මේ දෙව් මැදුරේ දෙව් අාසරි ඉතිරේ
වැලිගම්පිටියේ පහනයි අපගේ ඔබ සැමදා අම්මේ
මොක්පුර ජයටැඹ වෙත පිය නඟනට නිතිදින අප මව්නේ
අයදිනු මැන දෙව්සමිඳුන් අභිමුව
සාන්ත ආනා මෑණියනේ

පුන ගැයුම:--
පද රවනය- අමිල ප්‍රියනාත් ග්‍රේරෝ

Комментарии

Информация по комментариям в разработке