සුවඳ පූජාව ප්‍රඥාව ලබන්න උපකාරී වෙනවා, සියුම් උපකරණ පූජා කිරීම තමයි සියුම් ඥාණ ලබන්න..

Описание к видео සුවඳ පූජාව ප්‍රඥාව ලබන්න උපකාරී වෙනවා, සියුම් උපකරණ පූජා කිරීම තමයි සියුම් ඥාණ ලබන්න..

Ven Koralayagama Saranathissa Thero - The Buddhist TV 2024-12-07
Bisa Jathaka Explanation - Part 06
පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෞද්ධයා රූපවාහිනී නාළිකාව 2024-12-07
බිස ජාතකය ඇසුරෙන් - 06 කොටස
මෙතෙක් සාරාංශය
මහා කාංචන දේවිය එදා මහා බෝසතාණන්ගේ නැගණිය, ඇය වනයට එළඹුණේ දාසියක් සමඟ
මහා කාංචන දේවියගේ දාසිය තමයි අපේ ශාසනයේ කුජ්ජුත්තරාව නම් මහා උපාසිකාව
සුවඳ පූජාව තමයි ප්‍රඥාව ලබන්න උපකාරී වෙන පූජා, සියුම් උපකරණ පූජා කිරීම තමයි සියුම් ඥාණ ලබන්න එක හේතුවක්
පිංකමක් ලබල කරන ප්‍රාර්ථනාවෙන් ප්‍රඥාව ලබාගන්න උපකාරී වෙනවා
කුජ්ජුත්තරාව මහා ප්‍රඥාවක් ලබන්න කරපු විශේෂ පූජාවක් ලෙස සඳහන් වනුයේ, පිඬු සිඟා වඩින පසේ බුදුරජාණන් වහනසේලා 08 නමකට උණු කිරිබත් පූජා කරපු නිසා, රස්නය නිසා පාත්‍ර අතේ තබන්න බැරි නිසා දෙඅත් දෙකේ තිබුණ රන් වළලු 08 ආධාරයක් ලෙස තබා ගන්න කියල ඒ පසේ බුදුරජාණන් වහන්සේ 08 දෙනාට පූජා කිරීමේ පින නිසා.
ඇය මග ඵල ලබන ආත්මයෙත් දාසියක්, මෙයට හේතුව තමයි රහතන් වහන්සේගෙන් වැඩක් ගත්ත නිසා.
සිහිය ප්‍රඥාව නැති මොහොතක් තිබනෙවා නම් ඒ හැම මොහොතක්ම අකුසලයට බර වෙන්න පුළුවන් බව
හැම මොහොතකම සතිපට්ඨානයන් තමන් ළඟ තිබිය යුතු බව. එළඹ සිටි සිහියෙන් ජීවත් වෙන එක මනා සිහි කල්පනාවෙන් ජීවත් වෙන බව.
සමහර කෙනෙක් කොයි තරම් අසිහියෙන් ද කියල කල්පනා කරලා බලන්න
වැඩිපුර හිතුවත් කම් වැඩි වෙන්න වෙන්න ගෞරවය අඩු වෙනවා, එතකොට සිහිය ප්‍රඥාව අඩු වෙලා යනවා.
රහතන් වහන්සේ නමකගෙන් වැඩ ගත්තොත් ඒ කෙනාට සංසාරයේ බොහෝ කාලයක් දාසයෙක් වෙලා වැඩ කරන්නට ඉඩ තිබනෙවා. උදාහරණය අපේ ශාසනයේ කුජුත්තරාව.
මනා සිහි කල්පනාව නැත්නම් පින් කරගන්න ගිහිල්ල අපි බොහෝ පවු කරගෙන තමයි එතනින් එලියට එන්නේ.
මේ දාසිය තමන්ගේ නිවැරදි භාවය පෙන්වන්න මෙසේ ප්‍රකාශයක් කරා
"ස්වාමීනි යම් ස්ත්‍රියක් නුඹේ නෙළුම් අල කොටස යමෙක් සොරා ගත්තා නම් ඇයට තමන්ගේ ස්වාමී පුරුෂයා ළඟ ආහාර අනුභව කරන්න ලැබේවා, තමන්ගේ ස්වාමීන් ළඟ ඉඳගෙන නැටුම් ගැයුම් යෙදෙන්න අවස්ථාව ලැබේවා, මනා රස ඇති කාමයන් ම අනුභව කරන්න ලැබේවා, දාසියක් හැටියට නොකැමැති දේවල් කරන්න ලැබේවා
පැවිද්දෝ පැවිදි වුණ කාර්යය මොකද්ද කියල දන්නේ නැතුව විහාරාස්ථාන වල විවිධ කර්මාන්ත ඉදි කරනවා.. දිවා රාත්‍රී දෙකේ ඒ වෙනුවෙන් වෙහෙසෙනවා..
කාශ්‍යප බුදුරජාණන් ව්හාන්සේගේ සමයේ පරණ විහාරයක් වෙනුවෙන් තම ජීවිතය කැප කරපු භික්ෂුවක් විහාර කටයුතු කරපු නිසා ශාසනයෙන් නිවන් දකින්න තිබුණ පිනත්, ඉතා ඉහල දිව්‍ය තලයක මහේශාක්‍ය වෙලා ඉපදෙන්න තිබුණ පිනත් නැති කරගෙන මරණින් පසුව ඉපදුණේ වෘක්ෂ දෙවතාවක් වෙලා..
මේ කාංචන බ්‍රාහ්මණයා සමඟ ගියා දාසයා මෙසේ ප්‍රාර්ථනාවක් කරා
නුඹ වහන්සේගේ නෙලුම් අල කොටස හොරා ගත්තා නම්, කාශ්‍යප තෙරුන් ගේ කල වැඩසිටි අර භික්ෂුව වගේ, පුරාණ විහාරස්ථානයක ප්‍රධානියෙක් වෙන්න ලැබේවා" කියල ප්‍රර්ථනා
මේ කාංචන බ්‍රාහ්මණයා සහ පිරිස සමඟ ජීවත් වුණා ඇතෙක්, මේ ඇතා නිතර නිතර ඇවිත් මේ තාපස තුමා ට වන්දනා කරලා යනවා
මේ ඇතා තමන්ට ශාප කරගත්ත මෙසේ, "නුඹ වහන්සේගේ නෙලුම් අල කොටස මා සොරා කෑවා නම්
නැවත නැවත මිනිස් වාසයේ ජීවත් වන්නට ලැබේවා, සය පොළකින් බන්දනය කරගෙන මිනිස්සුන්ගේ දුක් විඳ විඳ ජීවත් වෙන්න ලැබේවා කියල.. තමන්ගේ ජීවිතයේ වැඩිම කලක් දුක් වින්දේ මිනිස් වාසයේ නිසා මෙසේ ප්‍රාර්ථනාවක් කර ගත්තා" මේ ඇතා ලෙස ඉපදිලා හිටියේ බුදුරජාණන් වහන්සේ තුන් මාසයක් වනයේ වස් වාසය කරන කාලයේ උපස්ථාන කරපු පාරලෙයිය හස්ති රාජයා බව. මේ පාරලෙයිය හස්ති රාජයා කියන්නේ බෝසතාණන් වහන්සේ නමක් බවත්..
ධර්ම දේශණාව ශ්‍රවණය කරන්න...
#bana #budubana #venkoralayagamasaranathissa #koralayagamasaranathissa #buddhisttv #2024 #koralayagamasaranathissahimi #ranmallasantha #koralayagamasaranathissathero #budu_bana #bana_deshana #koralayagamasaranathissahamuduruwo #dharmadeshanasinhala #darmadeshanasinhala

Комментарии

Информация по комментариям в разработке