Nuba Laga Nathi Da - Shashika Rukshan

Описание к видео Nuba Laga Nathi Da - Shashika Rukshan

Nuba Laga Nathi Da - Shashika Rukshan
Released on - 06.10.2024

Artist - Shashika Rukshan
Melody - Subodha Nanayakkara
Music Produced by Subodha Nanayakkara
Lyrics - Subodha Nanayakkara & Shashika Rukshan
Mixed & mastered by - Subodha Nanayakkara @Tulip Studio
Art Text by - Ayodhya Karunanayake 
PC - Pasindu Nimanka Liyanage

Lyrics-

ඔය රුව දැක මා
හිත පාවුනා මෙන් පෙර උන් කාලෙ
ඒ තරමට මා
ඔය ඇස් අතරේ බැල්මට සිර වූයෙ
තව මත් නැත මා
අමතක කෙරුවේ ඔබෙ රූපේ
නුඹ ලඟ නැති දා
පාලුව විතරයි මගෙ ලෝකෙ

නුඹ නැති වූ දා පටන්
මා ලොව අඳුරින් වෙලී ගොස්
පාලුව විතරක් හදින්
දරා මම ජීවත් වෙමි අද
නුඹ මට දුන් සෙනෙහසින්
පිරුනු හැටි මාගෙ ලෝකය
නුඹ නැති මේ හිස්තැන්
දැනෙනවා ඔබේ ආදරේ

නුඹ රිදවූ දා පටන්
මගෙ හිත නැහැ සන්සුන් වී තව
හිත හැඬවූ දා සිටත්
නැහැ තවමත් මා නිවී තව
මගෙ වරදින් නුඹෙ හිතත්
‍රිදි බිඳි ගියමුත් තව
නැහැ දෙන්නෙ මා තවත්
හිනාවක් හැර ඔබෙ මුනට

නෙතු මානයේ නොවි ලඟින්
දුර ඈත හිඳ සැනසෙන්නම්
මාගෙ නමින් ලියවුනු හදින්
මා වෙන් නොවී ලඟ ඉන්නම්

නුඹ නැති වූ දා පටන්
මා ලොව අඳුරින් වෙලී ගොස්
පාලුව විතරක් හදින්
දරා මම ජීවත් වෙමි අද
නුඹ මට දුන් සෙනෙහසින්
පිරුනු හැටි මාගෙ ලෝකය
නුඹ නැති මේ හිස්තැන්
දැනෙනවා ඔබේ ආදරේ

දෙනෙත් අද කඳුලින් පිරී ඇත - සෝ සුසුම් මැද
මේ දුක දරාගැනීමට අමාරුයි - මා තනි වී යැයි හැඟෙනු ඇත
නුඹ නැති අඩුව දැනෙයි මහ මෙරක් තරම්
කුමක් කරන්නදෝ යැයි නොහැගේ...
හද තවමත් සොවින් තැවේ...
ඔබ හැරගිය දා මොහොතේ පටන් - තවමත් ඔබ ගැන ආදරයෙන්
මා හද ගිනියම් කරයි..
ඔබ නොදනී තවමත් ඔබ කෙරේ - ආදරයක් ඇති බව
මා හදතුල ගිගුම් දෙන...
එය මා සඟවා සිටිමි ඔබ සොයා යන සතුට වෙනුවෙන්.
කවදා කොයි මොහොතේ හෝ - ඔබ සොයා යන සතුට
ඔබට අහිමි වුව හොත්,
නැවත මා කරා පැමිණීමට දෙවරක් නොසිතන්න..
එතෙක් මා බලා හිඳිමි - ඔබ වෙනුවෙන්ම ප්‍රියේ
දිවි තිබෙනා තුරු...

නුඹ නැති වූ දා පටන්
මා ලොව අඳුරින් වෙලී ගොස්
පාලුව විතරක් හදින්
දරා මම ජීවත් වෙමි අද
නුඹ මට දුන් සෙනෙහසින්
පිරුනු හැටි මාගෙ ලෝකය
නුඹ නැති මේ හිස්තැන්
දැනෙනවා ඔබේ ආදරේ

Special Thanks

Pasindu Nimanka Liyanage
Subodha Nanayakkara
Ayodhya Karunanayake
Pasindu Rukshan
Sudheera Madhusanka

Комментарии

Информация по комментариям в разработке