කර්මය පල දෙන ආකාරය ගැන.මොකද්ද මේ බුදු දහමේ කර්මය කියන්නේ? කර්මයේ තිබෙන ප්‍රභේද කිහිපයක්

Описание к видео කර්මය පල දෙන ආකාරය ගැන.මොකද්ද මේ බුදු දහමේ කර්මය කියන්නේ? කර්මයේ තිබෙන ප්‍රභේද කිහිපයක්

Ven Galigamuwe Gnanadeepa Thero - Sirasa FM Damsak Nada -12-10-2019
කර්මය පල දෙන ආකාරය ගැන මොකද්ද මේ බුදු දහමේ කර්මය කියන්නේ, කර්මයේ තිබෙන ප්‍රභේද කිහිපයක්
කර්ම විෂය අචින්ත්‍යයි
කර්මයන් නිරුද්ධ කරන ප්‍රතිපධාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි
මොකද්ද මේ බුදු දහමේ කර්මය කියන්නේ ?
කර්මය නම් චේතනාවයි
චේතනා පහල වෙන ක්‍රම , චේතනා පහල වෙන්නේ ආයතන 6න්
චේතනාව අනුවයි කය ක්‍රියාත්මක වෙන්නේ
ජනක කර්මය කියන්නේ මොකද්ද , යම්කිසි කෙනෙකුගේ උපත තීරණය කරන කර්මය
මරණයේදී සත්වයා අළුත් උපතක් කරා යන්නේ කර්මය අනුවයි
කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක
අරූප ධ්‍යාන වඩපු කෙනෙක් අරූප ලෝක වල උප්පත්තිය ලබනවා
අපි උපදින්නේ කැමැත්තෙන් නෙමෙයි. එහෙම වුණා නම් කවුරුත් අපායේ තිරිසන් ලෝකයේ ඉපදෙන්නේ නැහැ
ඉපදුණාට පස්සේ ජීවත් වීම පිණිස අවශ්‍ය වන කර්ම - උපස්ථම්භක කර්ම
සමහරුන්ට මොන වෙලාවත් අන්ත අසරණ කරදර. කොයි වෙලාවෙ බැලුවත් . සමහරු ඉතාමත් අඩු ආයුෂයෙන් මැරිලා යනවා
උපපීඩක කර්මය - ඉපදුණ කෙනාට නොයෙක් කරදර බොරු රැවටීම්, සොර සතුරු හානි, රජ දඬුවම් වලට ලක්වෙනවා... මේවා සසරේ කරපු පවු
කවුරුත් කරපු කර්ම වෙන කවුරුවත් අරගෙන යන්නේ නැහැ. අරගෙන යන්නේ තමන්මයි
ඔබ සසරේ පින් කරා නම් ඒ පින් ඔබ කාරා එනවා. ඒ වගේමයි ඔබ කරන අකුසල් ඔබටම විපාක ගෙවන්න වෙනවා.
මොකද්ද අපි මේ කරපු කර්ම කියල මිනිස්සු ඔලුවට ගහ ගන්නවා. විලාප දෙනවා වැලපෙනවා..
මතක තියාගන්න ඔබ කරපු කර්ම තමයි ඔබට විපාක දෙන්නේ.
කොසොල් රජතුමා ගැන ...
නිගණ්ඨයන් කියන්නේ කිසිම සංවරයක් තිබෙන පිරිසක් එහෙම නෙමෙයි. කොසොල් රජතුමා ජේතවනාරාමයේම අනිත් පැත්තේ නිගණ්ඨයන් විසින් ආරාමයක් හදන්න ඉඩ දෙනවා. මෙය කරන්න එපා කියල සාරිපුත්ත මහා රහතන් වහන්සේ කොසොල් රජතුමා බැහැ දකින්න වැඩියම රජතුමා දැන දැන සැඟවුණා. අගසව් සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන දැන වෙහෙසට පත් කරපු නිසා කොසොල් රජතුමාට අවසාන කාලයේ අම්බලමක මිය යන්න සිද්ධ වුණා.
උපඝාතක කර්මය - ජනක කර්මයෙන් උපද්දවපු පුද්ගලයා නසන්නා වූ ඔහුගේ ජීවිතය අවසන් කරන්නා වූ කර්මය උපඝාතක කර්මය

Комментарии

Информация по комментариям в разработке