පෙම් කැකුල පිපී - Pem Kekula Pipi - A.M.Rajah & Jamuna Rani - Movie : SADA SULAN - (1955)

Описание к видео පෙම් කැකුල පිපී - Pem Kekula Pipi - A.M.Rajah & Jamuna Rani - Movie : SADA SULAN - (1955)

චිත්‍රපටය - සැඩසුළං
තිරගතවීම - 1955 ජූනි 24
සංගීතය - එස්. දක්ෂිණමුර්ති
ගීත රචනය - ආනන්ද සමරකෝන්
ගායනය - ඒ.එම්. රාජා සහ ජමුනා රාණී
ගීත තැටි - HIS MASTER'S VOICE (HMV)
තැටි අංකය - WN. 555
ගීත පටිගත කිරීම - වාහිනී චිත්‍රාගාරය (මදුරාසිය)

පෙම් කැකුල පිපී එන විට ම හදේ
එය පරව ගියා
මා හෙළා මෙ දුක් අන්ධකාරේ - අන්ධකාරේ

බොහො කෲරයි අහෝ ලොව ධර්මේ
මිල කළේ ඇයිදෝ ඔබ ප්‍රේමේ
මා පියඹ සුදෝ ඔබ තනි කරදා
මට යන්ට වුණේ මා දුගී නිසයි
මේ සමාජේ - මේ සමාජේ

ඔබෙ බිළිඳා මා තුරුලෙ හොවාලා
නළවන්ටයි මා උන්නෙ බල බලා
ඒ පැතුම මෙ මා හද පතුලෙ නැගී
අද නිසරු උනේ
කෲර වූ නිසයි මේ සමාජේ - මේ සමාජේ

හඳ පායා සුනීල වු අඹරේ
ගිලුණා සේ වලාකුළු අඳුරේ
අප හදෙහි නැගී පෙම් එ ලෙස ගියා
අඳුරෙහි ගිලිලා
නිෂ්ඵලයි ජීවත් වීම ලෝකේ
දුෂ්ට ලෝකේ

I.G Bandula / (FB) Bandula Gamage

Комментарии

Информация по комментариям в разработке