Batticaloa Land of the Singing Fish| Road Trip Sampur to Batticaloa | Camp by the Beach

Описание к видео Batticaloa Land of the Singing Fish| Road Trip Sampur to Batticaloa | Camp by the Beach

This vlog is based on a beautiful road trip which we took along the eastern coast side of Sri Lanka. From Sampur to Batticaloa, Breathtaking coastal sites, Batticaloa lagoon, paddy fields and the village lifestyle of the east coast side of Sri Lanka are a few of the highlights of this video. Camp by the beachside of Batticaloa was a fantastic experience. You also can enjoy the colonial architecture of Batticaloa city in this vlog ( with english subtitles )

Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram -   / dinesh_a_pathum  
Message or information -   / dinesh_a_pathum  
DAP production
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
සංචාරකයන්ගෙන් ඈත්ව තිබෙන සුන්දරත්වයෙන් පරිපූර්ණ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ සංචාරය.

කුඩා මුහුදු රළ වෙරළට පැමින වෙරළ මතුපිට පැතිර ඇති සිප්පි කටු සහ කැඩුණු කොරල් අතර පිහිනා යමින් මතු කරන්නේ සුමිහිරි සංගීතයකි. නොසෙල්වෙන ගැඹුරු දිය මතුපිටින් මීදුම් සලුවකි. ඉන් එහා අහස ලා තැඹිලි සහ ලා නිල් පැහැයෙන් වර්ණ ගැන්වී තිබෙන්නේ හිරුගේ ආගමනයේ පෙර මං සළකුණු ලෙසයි. මෙවන් වූ පරිසරයක සිට රැය පහන් කිරීම සැබැවින්ම අසමසම හැගීමකි.

පාසිකුඩා වෙරළ තීරයේ වනගත පෙදෙසක කුඩාවට වැවී ගිය තණකොළ මත ඉදිකර ඇති අපේ කූඩාරමේ කැන්වස් ‍රෙදි දොර එහා මෙහා යන ශබ්දය හැරෙන්නට සියලුම ශබ්දයන් වලට හිමිකාරිත්වය දරන්නේ සොබාදහමයි. කූඩාරම් දොරකඩට වී නැගෙනහිර වෙරළ කෙලවරෙන් හිරුගේ ආගමනය දෙස විමසිල්ලෙන් බලා සිටින මාගේ දෙනෙත් සීතලෙන් වෙලී යන්නේ හිමිදිරි උදෑසන සයුර දෙසින් එන සුළගේ ඇති අධික සීතල නිසාවෙනි. හිරු පායා එන තෙක් මාගේ මනස මතකාවර්ජනයකට දිව යන්නේ දින තුනක් පුරා සිදු කල නැගෙනහිර පළාතේ සංචාරය ඒ තරමටම සොදුරු වූ නිසාවෙනි.

අප මුලින්ම ගමන් කලේ සාම්පූර් ප්‍රදීපාගාරය නැරඹීමටයි. ත්‍රීකුණාමලයේ සිට මුතූර් දක්වා ගමන් කල අප එහි සිට සාම්පූර් දෙසට ගමන් ඇරඹුවේ උදෑසන ආහාරයෙන් අනතුරුවයි. වාලච්චේන පාලම ඉතා සුන්දර වටපිටාවක පිහිටා තිබෙන අතර මුතූර්-මඩකළපුව ප්‍රධාන මාර්ගයේ ගමන් කරන්නෙකුට වාලච්චේන පාලම නැරඹීමට නම් මුතූර් සිට සාම්පූර් දක්වා ඇති මදක් දුශ්කර මාර්ගයක ගමන් කල යුතුය.

වාලච්චේන පාලම දෙපස පැති බැමි දෙක පුරා වෙඩි සළකුණු දහස් ගනනකි. යුද්ධයේ අදුරින් වෙළා ගත් වාලච්චේන පාලම මේ වන විට කුරුල්ලන්ගේ තෝතැන්නක් වී තිබෙන්නේ "සියලු දේ සොබාදහම විසින් සුවපත් කරණු ඇත" යන කියමන යතාර්ථයක් බවට පත් කරවමිනි. වාලච්චේන පාලම පසු කොට සාම්පූර් දෙසට ගමන් කල අප එහි සිට සාම්පූර් ප්‍රදීපාගාරය දෙසට ගමන් කලේ ඉතා දුශ්කර මාර්ගයකයි. ඉද හිට හමුවන කරත්තයක සිටි කරත්ත කරුවකු අප දෙස බලන්නේ විමතියෙනි. ටැක්ටර් යන මාර්ගයේ සුව පහසු මෝටර් රථයක් ගමන් කිරීම ඔවුන්ගේ විමතියට හේතු වූ වග මාර්ගය ඔස්සේ මද දුරක් ඉදිරියට ගමන් කිරීමේදී අපටද වැටහිනි.

ලොකු පීරිස් හපනෙකි. එසේ කියා ඇවිටිලි කර හෝ මේ ගමන යා යුතුය. කෙසේ හෝ දිගු දුශ්කර ගමනකින් පසුව මෝටර් රථයත්,අපත් ලගා වූයේ දෑස් පුදුම කරවන තරමේ සුන්දර වටපිටාවක පිහිටා ඇති සාම්පූර් ප්‍රදීපාගාරය වෙතයි. සුදු,සිනිදු වැල්ල මත ගලා යන කුඩා රළ නිල්වන් ය. අවට ඇති ශාක සියල්ලක්ම ලා කොල පැහෙයෙන් පිරී ඇති අතර හුදකලා පරිසරයක තේජාන්විතව වැජබෙමින් නිල්වන් අහස දෙස බලා සිටින්නේ සුදු යෝධයෙකි. ඒ සාම්පූර් ප්‍රදීපාගාරයයි.

සුපැහැදිලි මුහුදු ජලය මත ඇවිද යන අතරවාරයේ සිහියට එන්නේ අප කෙතරම් වාසනාවන්තයි ද..? අපේ රට කෙතරම් සුන්දරයි ද..? සොබාදහමේ සුන්දරත්වය අතර ඇවිද යන්නෙකුගේ හදවතට දැනෙන නිදහස, හදවතට දැනෙන සැනසීම අමිල බව මෙහි පැමිනෙන්නෙකුට අනිවාර්යයෙන්ම දැනෙනු ඇත. හැගෙනු ඇත. ඉතිං මා මාගේ සටහන අතරවාරයේ ආරාධනා කරන්නේ අප විදි සුන්දරත්වය විදින්නට ඔබත් දිනෙක මොහොතක් වෙන් කරගන්න යනුවෙනුයි.

වළාකුළු වලින් වසා ගත් අහස සූදානම් වන්නේ වර්ශාවකටයි. වර්ශාවට පෙර නැවතත් ගමන් ඇරඹූ අපට අතරමග දී නෙත ගැටුනේ හස්තිරාජයකුගේ වසුරු වැටී ඇති ඉසව්වකි. සාම්පූර් ප්‍රදේශයේ වල් අලි වෙසෙන වගත් ඔවුන් සාම්පූර් ප්‍රදීපාගාරය ආසන්නයටම පැමිනෙන වගත් සාක්ෂි සහිතවම එයින් අපට දැනගත හැකි විය

සාම්පූර් සිට වාකරේටත් - වාකරේ සිට පාසිකුඩා වෙතටත් ගමන් කල අපට ගමන පුරාවට හමු වූ කිලෝමීටර ගණනාවක් ඈතට විහිදී ඇති කුඹුරු යාය කියා පෑවේ මව්බිමේ බර පැනින් අපත කොටසක් දරණවා යන අදහසයි. මා මින් පෙර මෙතරම් විශාල කුඹුරු යායන් දැක තිබුනේ දකුණු ඉංදියානු චිත්‍රපට වලින් පමනකි. නමුත් නැගෙනහිර ප්‍රදේශයේ සංචාරය කරන්නෙකුට එය සුලබ ය.

අප පාසිකුඩා වෙරළ තීරයට පෙර හමුවන ලදු කැලෑවක් දෙසට වනගත මාර්ගයක් ඔස්සේ ගමන් කලේ අප ඒ වන විට අනුගමනය කල සිතියමේ තිබූ කුඩා වනගත තුඩුවක් කදවුරු බැදීම සදහා සොයාගෙනයි. මේ වන විට රාත්‍රිය බෝ වී තිබීම නිසා තරමක ආයාසයකින් අනතුරුව සිතැගි කදවුරු භූමියට ලගා වීමට අපට හැකි විය. වෙරළ ආසන්නයේ රාත්‍රි කදවුරු බැදගත් අප මුහුදු රළ හඩත්. ලිහිණි හඩත් මැද සුව නින්දකට වැටුනේ හෙට දිනයේ හිරුගේ ආගමනය කෙබදු වේ දැයි සිතමිනි.

හෙට දිනයේ අප පාසිකුඩා සිට මඩකලපුව වෙත ගමන් කල යුතුය. ඉන් අනතුරුව සංචාරකයන්ගෙන් ඈත්ව ඇති සුන්දර වනගත වෙරළකට ගමන් කල යුතුය.

මේ සියල්ල රූප රචනාවෙන්ම නරඹමු. සූදානම් වෙන්න අද දවල් 12.30 ට අපිත් එක්ක යන්න නැගෙනහිර සුන්දරත්වය හොයාගෙන

ආයුබෝවන් මම දිනේෂ්.


"සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි"
#dap #dap #camping #nightcamping #nature #forest #freedom #dinesh #dineshapathum


➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

Комментарии

Информация по комментариям в разработке