ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු රේල් බස් රථය ( Rail Bus of Sri Lanka Railways )

Описание к видео ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු රේල් බස් රථය ( Rail Bus of Sri Lanka Railways )

⛔ දැනට ශ්‍රී ලංකා දුම්රිය සේවය සතුව පවත්නා රේල් බස් රථ අතුරින් මගී ප්‍රවාහනයට සක්‍රීයව දායක වන රේල් බස්‍ රථ අල්පය අතරින් එකකි මෙය.

මහව සහ පොල්ගහවෙල අතර දෛනික ධාවනයේ යෙදෙන මෙය ඉතා සාර්ථක නිර්මාණයකි.අශ්ව බල 110 ක එන්ජිමක් සහිත බස් රථ දෙකක්, එක් ගමන් වාරයකදී එක් එන්ජිමක් පමණක් පණගන්වා බස් ර්ථ දෙකක මගීන් එකවර ගෙන යාහැකි ලෙස නිපදවා ඇත.

ඉන්ධන පිරිවැය දුම්රිය එන්ජිමක් හා සසඳන කළ ඉතා අල්පය.නඩත්තු වියදමද සාපේක්ෂව ඉතා අඩුය.මහා මාර්ගයේ ධාවනයට ගන්නා බස් රථ දෙකකින් නිපදවා ඇත.

මෙම රේල් බස් රථ මෙරටට දායාද කලේ රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ එකල නියෝජ්‍ය ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු පී. පී. විජේසේකර මහතාය.පසුව එතුමා මිනි ලොකෝ (Mini Loco) නමින් බස් රථ එන්ජිමක් භාවිතා කර කුඩා දුම්රිය එන්ජිමක් ද නිපදවීය.

⭕ මෙම රේල් බස් රථය පොල්ගහවෙල දු. ස්ථානයෙන් මහව බලා අලුයම 5.25 ටද , නැවත මහව දු. ස්ථානයෙන් පොල්ගහවෙල බලා සවස 2.05 ටද ගමන් අරඹයි.

#train #travel #automobile #travelling #railway #travelphotography #picture #srilanka #fyp #fypシ゚ #fypage #fypyoutube #fypviral #fypp #tourism #travelsrilanka #srilankarailway #srilankarailways #fantastic

Комментарии

Информация по комментариям в разработке