බොහෝ උස් වූ කඳු මුදුන් වල.. ඔබ නොදන්නා කතාවක් ඇත.. | එරන්ද නිශාන් උයන්වත්ත | ඩිල්ශාන් පතිරණ

Описание к видео බොහෝ උස් වූ කඳු මුදුන් වල.. ඔබ නොදන්නා කතාවක් ඇත.. | එරන්ද නිශාන් උයන්වත්ත | ඩිල්ශාන් පතිරණ

බොහෝ උස් වූ කඳු මුදුන් වල
ඔබ නොදන්නා කතාවක් ඇත
කන්ද වාගේ ඔහොම හිටියට
ඇතුලේ ඇත්තේ පාලු හිස්කම

අව් වැසි ද තද සුළං අභිමුව
නොසෙල් වී උන් කන්ද දැක්කම
හිතක් පපුවක් නැතිලු කන්දට
ගසක් ඇඹරී කීවා සුළඟට

තරුවකට පෙම් කරන තරමට
ඉතිරි කරගත් කඳුලු උල්පත
රහසෙ නිම්නෙට මුදාහළ බව
ගලන ගඟවත් දන්නෙ නෑ තව

එහෙම කන්දක් නාය යන්නේ
දරා ගන්නට බැරිම වුන තැන..

කවිය :- එරන්ද නිශාන් උයන්වත්ත
විචාරය :- ඩිල්ශාන් පතිරණ

Комментарии

Информация по комментариям в разработке