podi hamuduruwo/පොඩි හාමුදුරුවො

Описание к видео podi hamuduruwo/පොඩි හාමුදුරුවො

ගායනය ,චමෝදි තත්සරනි
ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසල

"පොඩි හාමුදුරුවො"
හර්ෂණ දිසානායක
ගේයපද - අද්මිරාල් සෝමතිලක දිසානායක
සංගීතය - සුනිල් දයානන්ද කෝණාර

පොඩි හාමුදුරුවො අද හවසත් - වෙල් එළියට වැඩියා අම්මේ..
මඩ තවරාගෙන තරඟෙට දිවුවා - නියරදිගේ එක පිම්මේ..
කරනම් ගැහුවා දියබුං ගැහුවා - බක් මී ගහලඟ බැම්මේ..
සිවුරත් ඇඳගෙන සෙල්ලම් කෙරුවම - පවු සිදුවෙනවද අම්මේ..

බුදු ගේ ඇතුලෙන් කෑම ජාති රස - සිවුරේ ඔතාගෙන එනවා..
පිං කැටයෙන් ගත් කාසි පනම් දී - සීනිබෝල වළඳනවා..

සෙල්ලම් පිටියේදි අපටත් වැඩියෙන් - දඟකාරයි කටකාරයි..
මටනම් අම්මේ පොඩි හාමුදුරුවො - හුරතල් ළමයෙක් වාගෙයි..

#podihamuduruwo
#bathigeedayawa
#bodubathigee

Комментарии

Информация по комментариям в разработке