අනාගතය දුටු මහාවංශය | Mahavamsa Great Chronicle of Sri Lanka

Описание к видео අනාගතය දුටු මහාවංශය | Mahavamsa Great Chronicle of Sri Lanka

මෙම වැඩසටහනෙන් පෙන්වා දෙන්නේ,,,,
මහාවංසයේ මුල් පරිච්චේද අනුව, බුදුන් වහන්සේ වැඩසිටි දඹදිව ඉන්දියාව නොව, ලංකාවේම කොටසක් බවයි .
එකල ලංකාව යනු , මේ මුළු දුපතම නොව පරිපාලන දිස්තිරික්කයකි.
මෙහි කියවෙන ගමන් වාර්තා අනුව,
1- මගධයේ උරුවෙල හා ලංකාව අතර දුර - දවසක් තුල පාගමනින් යන දුරය.
2- සැවැත්නුවර ජේතවනාරාමය හා ලංකාව අතර දුර - දවසක් තුල පාගමනින් යන දුරය.
3- කපිලවස්තුව හා ලංකාව අතර දුර දවසක් තුල පාගමනින් යන දුරය.

පාලි මහාවංශය - https://drive.google.com/file/d/1tJrN...
සිංහල මහාවංශය - https://drive.google.com/file/d/1j2-E...

මහා වංශය යනු ලංකාවේ ඉතිහාසය තහවුරු කරන ප්‍රධාන ග්‍රන්ථයයි. මුල්ම මහා වංශ අත්පිටපත ක්‍රි.ව. හයවැනි සියවසට අයත්ය. එය අදට අපට තියෙන පැරණිම ඉතිහාස සාක්ෂියයි. මහා වංශය ලිවීමට පාදක කරගත් ඉතිහාස ග්‍රන්ථ කීපයක් ගැන මහා වංශ ටීකාවේ සඳහන් වී ඇත. ඒවා දැනට හමු නොවන නිසා මහාවංශය පැරණිම ලිඛිත ඉතිහාස සාධකයක් බවට පත් වේ. වංශ කතා සම්ප්‍රදායක් අනුරාධපුර යුගයේ මුල් භාගයේ තිබී ඇත. දීපවංශය ලියැවී ඇත්තේ මහා වංශය ලිවීමට සියවසකට පමණ පෙර බව විශ්වාස කරයි.

අප දැනට පිළිගන්නා මහා වංශය ලියැවීමට අවුරුදු 500කට පමණ පෙර සිංහලෙන් ලියැවුණු තවත් මහා වංශයක් තිබී ඇත. ඒ ‘සීහල අට්ඨ කතා මහා වංශය’ නම් වේ. එහි කිසිම පිටපත් මෙතෙක් හමු වී නැත. නමුත් අනුරාධපුර දික්සඳ පිරිවෙනේ වැඩසිටි මහානාම හිමියන් ක්‍රි.ව. හයවැනි සියවසේ දී මහාවංශය ලියද්දී, සීහල අට්ඨකතා මහාවංශය උපයෝග කරගත් බව මහාවංශ ටීකාවේ සඳහන් වෙයි. මේ සීහල අට්ඨකතා මහාවංශය පැවති සමයේම අභයගිරි විහාර වංශික භික්ෂූන් ‘උත්තර විහාරට්ඨ වංශ කතාව’ ලියා ඇත. එය ද, මහා වංශය ලිවීමේ දී මහානාම හාමුදුරුවෝ උපයෝග කොට ගෙන ඇත.

Комментарии

Информация по комментариям в разработке