වේදනාව | පටිච්ච සමුප්පාද ධර්ම විග්‍රහය | ආරණ්‍යවාසි ස්වාමින් වහන්සේ නමකගේ දුර්ලභ ධර්ම දේශණය

Описание к видео වේදනාව | පටිච්ච සමුප්පාද ධර්ම විග්‍රහය | ආරණ්‍යවාසි ස්වාමින් වහන්සේ නමකගේ දුර්ලභ ධර්ම දේශණය

ආරණ්‍යවාසි ස්වාමින් වහන්සේ නමක් විසින් සිදු කරන ධර්ම දේශණය

පටිච්ච සමුප්පාද ධර්ම විග්‍රහය:
වේදනාව ප්‍රත්‍ය කරගෙන උපදින්නාවූ පංච උපාදානස්කන්ධයම සංස්කාරයක් හැටියට දැකීම...

තමාගේ ප්‍රතිසන්ධියේ දී හටගත් කළල රූපය අපවිත්‍රයේ හටගත්තා : මවගේ ආහාර වලින් ආ ඕජාවෙන් වැඩුණා : මෙලොව එළිය දුටු තැන් පටන් කැවූ පෙවූ ආහාර වල ඕජාවෙන් වැඩුනා : එතැන් පටන් ගත් ටොන් ගණනක් ආහාර සියල්ල අසූචි බවට පත් වුණා. එහි ඕජාවෙන් කය වැඩුනා කසල අහක ගියා. මේ අනුව බලන විට අසූචියේ හට ගෙන, අසූචියෙන් වැඩී, නැවතත් අසූචි බවට පත්වන අසූචි පිණ්ඩයකි මේ කුණු කය : තවද උපන්තැන පටන් කවරදාකවත් නොසේදූ ඒ නිසා දුගඳ හමන පණුවන් පිරුණු පරම ජිගුච්ඡ කටයුතු වැසිකිළියකි මේ ශරීර කූඩුව.

එය කොයි මොහොතේ විසිර යා දැයි කිය නො හැක. දිය බුබුලක් වැනිය. පෙණ පිඩක් වැනිය. විදුලියක් වැනිය. දියෙහි ඇඳි ඉරක් වැනිය. තණ අග පිණි බිඳක් වැනිය. කොයි මොහොතේ විනාශ වේ දැයි කිය නොහැක. අහෝ අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මෙසේ මෙනෙහි කරන විට සිත එකඟ වනු ඇත.

#Karandulena_Aranya_Senasanaya

Комментарии

Информация по комментариям в разработке