පානම කුඩුම්බිගල මැදින් ඔකඳ දේවාලයට | Okanda Temple Panama

Описание к видео පානම කුඩුම්බිගල මැදින් ඔකඳ දේවාලයට | Okanda Temple Panama

දවස් දෙකකින් සමන්විත වුණු අපේ නැගෙනහිර සංචාරයේ පළවෙනි දවසේ උදේ වරුව ගෙවුනේ හසලක ප්‍රදේශයේ. හසලක රත්න ඇල්ල ඒ වගේම කලුවා වැටුණු ඇල්ල බලලා අපි ඊට පස්සේ පිටත් වුණේ අම්පාර ඈත කෙළවරේ පානමට යන්න. අපේ ගමනාන්තය උනේ ඔකඳ කතරගම දේවාලය.

මහියංගනයෙන් පිටත්වෙලා බිබිල පොතුවිල් පාරේ කිලෝමීටර් සීයකට වැඩි දුරක් ගෙවාගෙන අපි පොතුවිල් නගරයට ආවා. එතන ඉඳන් තවත් කිලෝමීටර් 30කට වගේ ආසන්න දුරක් පානම කුඩුම්බිගල අභයභූමිය හරහා ඔකඳ දේවාලය වෙත තියෙනවා. ආරුගම්බේ නගරය පහු කරලා පානම පැත්තට එනකොට නැගෙනහිර සුන්දරත්වය ඕගොල්ලන්ටත් බලාගන්න පුළුවන්. මේ ප්‍රදේශයම හස්තිරාජයින්ගේ නිජ භූමි. ඕගොල්ලෝ වාසනාවන්තයි නම් හස්තිරාජයින්වත් බලා ගන්න පුළුවන්.

අපි ඕකද දේවාලෙට එනකොට හවස පහ හමාරත් පහුවෙලා. නමුත් ඔකඳ දේවාලයට ඕගොල්ලන්ට කල් වේලා ඇතුව එන්න පුළුවන් නම් මේ ආසන්නයේ තියෙන කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයත් දැක බලාගෙනම යන්න මොකද ඒක නරඹන්න තරම් බොහොම වටින තැනක්. ඒත් එක්කම මේ ඔකඳ දේවාලය පිහිටලා තියෙන පරිශ්‍රය කඳ වෙරළ තීරයට බොහොම ආසන්නයි. ඔකඳ වෙරළ තීරයේ සුන්දරත්වය බලන්නත් අමතක කරන්න එපා. නමුත් අවාසනාවකට වගේ අපිට ඒ දේවල් කරගන්න බැරි වුණා.
කතරගම දෙවියන් මුලින්ම ආවේ ඔකද මුහුදු වෙරළට කියලා කියනවා. වල්ලි කියන වැදි තරුණිය හොයාගෙන පැමිණි කතරගම දෙවියෝ මුලින්ම ඇය පිළිබඳව දෙමළ භාෂාව කතා කරන පිරිසකගෙන් අදහස් විමසලා තියෙනවා. නමුත් ඔවුන් ඒ අවස්ථාවේ නිවැරදි පිළිතුරක් දීලා නෑ. පසුව සිංහල භාෂාව කතා කරන මුහුදු වැද්දන්ගෙන් තොරතුරු අහලා තියෙනවා. ඔවුන් ස්කන්ධ කුමාරයාට ඒ ගමන් මාර්ගය පෙන්නලා උදව් කළා කියලා කියනවා. මෙන්න මෙතනදී තමයි කතරගම පාදයාත්‍රාවේ පසුබිම් කතාව නිර්මාණය වෙන්නේ.

කතරගම දෙවියන් තමන් කවුද කියන දේ ඔප්පු කලාට පස්සේ තමන්ට උදව් නොකළ නිසා දෙමළ භාෂාව කතා කරන පිරිසට දඬුවමක් වශයෙන් පාගමනින් පැමිණ තමන්ව වැඳ පුදා ගන්න කියලා අණ කරලා තියෙනවා. එදා ඉඳන් ශත වර්ෂ ගණනාවක් තිස්සේ දහස් ගානක් දමිළ ජනතාව කතරගම දෙවියන්ව වැඳ පුදා ගන්න ඉතා භක්තිමත්ව පාගමනින් කතරගමට එනවා. ඒ එන අතරමග තමයි මේ ඔකඳ දේවාලය පිහිටලා තියෙන්නේ.

බොහෝ හාස්කම් ඇති තැනක් විදිහට තමයි මේ දේවාල පරිශ්‍රය සැලකෙන්නේ දෙමළ සිංහල වෙනසක්නැතිව බැතිමතුන් මෙතෙන්ට පැමිණෙනවා.සති අන්ත දිනවල නම් විශාල බැතිමතුන් ප්‍රමාණයක් මේ ස්ථානයේ දැකගන්න පුළුවන් .

සති අන්ත දිනවල උදෑසන හයට දහවල් දොළහට වගේම සවස හයට පූජාව පැවැත්වෙනවා. ඕගොල්ලොත් නැගෙනහිර පැත්තේ සංචාරය කරනවනම් අනිවාර්යෙන්ම ඔකඳ දේවාලෙත් වැඳ පුදා ගන්න අමතක කරන්න එපා.

On the first day of the two-day trip to the East, we spent the morning in Hasalaka. After visiting Hasalaka Ratna Falls and Kalu Ella Falls, we left to go to Panama at Ampara corner. Our destination was Okanda Kataragama Temple.

After leaving Mahiangana and covering more than a hundred kilometers on Bibila Pothuvil road, we arrived at Pothuvil town. From there it is about another 30 km to Okandha Vihara through Panama Kudumbigala Sanctuary. After passing the city of Arugambe towards Panama, you can also look at the beauty of the east. This region is the home of the elephants. If you are lucky, you can even see elephants.

It was half past five in the evening when we reached the temple. But if you can come to the Okanda Temple on time, you can also visit the nearby Kudumbigala Aranya Senasana because it is a very worthwhile place to visit. At the same time, the premises where this Okanda temple is located is very close to the beach. Don't forget to visit the beauty of Okanda beach. But unfortunately we could not do those things.

It is said that Lord Kataragama first visited Okada Beach. The gods of Kataragama, who came to find Valli, first asked a group of Tamil speakers about her. But at that time they did not give a correct answer. Later information was heard from Sinhala speaking sailors. They say that Skanda helped Prince by showing him the way. This is where the background story of the Kataragama Pada Yatra is created.

The Kataragama deity has ordered the Tamil speaking people to march and worship him as a punishment for not helping him by proving who he is. Since then, thousands of Tamil people have been coming to Kataragama on foot for many centuries to worship the Kataragama God. This Okanda temple is located in the middle of it.

This temple complex is considered to be a place of many miracles and devotees visit here regardless of Tamil or Sinhalese. A large number of devotees can be seen at this place on weekends.

Pujas are offered at six in the morning and six in the evening on weekends. If you are going east don't forget to visit Okanda Vihara

අපේ හසලක රත්න ඇල රූප රචනාව මෙතනින් බලන්න පුළුවන්.
   • Rathna Ella Waterfall | රත්න ඇල්ල | K...  

තවත් මේ වගේ සුන්දර රූපරචනා නරඹන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.

Equipment we used:
Gopro Hero 12
i phone 11

Audio Used: You Tube Audio Library

Комментарии

Информация по комментариям в разработке