වෙනස් විදිහකට පාන් කමු.පාන් කොත්තුව . bread koththu

Описание к видео වෙනස් විදිහකට පාන් කමු.පාන් කොත්තුව . bread koththu

හැමදාම පාන් කන්නේ එකම විදිහට නම් අද වෙනස් රසකට පාන් කමු..

පාන් කොත්තුව හදන්න අවශ්‍ය ද්‍රව්‍ය ..

පාන් ගෙඩියක් අරගෙන පොඩි කැබලි වලට කපා ගන්න .

කැරට් අලයක්
ලීක්ස් ගස් දෙකක්
මාලුමිරිස් කරලක්
ගෝවා ටිකක්
සුදුලූනු බික් 4,5ක්
ලූණු
ඉගුරු ටිකක්
කරපිංචා
ලුනු
බිත්තර එකක් හෝ දෙකක්

චිකන් කරියක් රසට හදාගන්න .
හොදි ටික වෙනම තබාගෙන චිකන් පොඩි කැබලි වලට ඉරා ගන්න.
තෙල් මේස හැදි 2ක් රත් වෙන්නට හැර එයට සුදුලූනු,ඉගුරු ,ලූණු බැදෙන්න හරින්න .
කැරට් ,මාලුමිරිස් දමා ටිකක් වේලාවක් බැදුනු පසුව එයට බිත්තර දමා කවලම් කරන්න .
ඉන්පසු පොඩි කැබලි වලට ඉරා ගත් මස් දමා කවලම් කරන්න .
මස් කරියද එයටම එකතු කර පාන් දමා හොදින් කවලම් කරන්න .පසුව එයට ලීක්ස් දමා හොදින් කවලම් කරන්න .


පිටි අනාගෙන කරදර නොවී පහසුවෙන් රසවත් කොත්තුවක් ගෙදර හදලා රස බලන්න ....💖💖


Like එකක් එකතු කරලා යන්නත් අමතක කරන්න එපා....
Thank you watching my recipes ...


Watch and learn Delicious Recipes..
Only On our cooking channel !
මාතර රස

Комментарии

Информация по комментариям в разработке