Sugarcane Honey mixed with Watalappan recipe

Описание к видео Sugarcane Honey mixed with Watalappan recipe

Hello everyone, ☘️

Sugarcane , a perennial plant native to the tropics, is a type of grass. In traditional Sinhala medicine, sugarcane holds a prominent place. It is highly beneficial in sugar production and as a remedy for numerous diseases. The nutritious components contained in sugarcane, which is highly valued for its medicinal properties, are:

Carbohydrates
Sodium
Potassium
Sugar
Calcium
Iron
Magnesium

Benefits of Intake for Food and Drink:
Cancer prevention
Improving skin complexion
Cholesterol management
Control of hemorrhoids
Prevention of mental stress
Maintaining normal blood pressure
Reducing the risk of kidney stones
Preventing tooth decay and bad breath
Providing energy to the body
Remedial for colds
Enhancing sexual vigor

Accordingly, let's see how to prepare Watalappan combined with sugarcane honey, which offers numerous health benefits.

Ingredients for 250g of Watalappan:

125 ml of sugarcane honey
125 g of jaggery
4 eggs
1 teaspoon vanilla
1/2 cup coconut milk
A pinch of nutmeg and cardamom

Preparation Method:

First, remove the skin of the sugarcane roots, wash, and cut into small pieces. Then, place them on a clean cloth and smash thoroughly. After that, pour the smashed sugarcane roots into a container with sugarcane honey. Place a lid on top to remove the water from the sugarcane honey and heat slightly on a pan to obtain the golden color from the sugarcane honey. Next, beat 4 eggs required for preparing Watalappan. Add half a cup of coconut milk and finely ground jaggery to it. Then, beat the mixture well again. Mix with the heated sugarcane honey. Finally, add a small amount of vanilla, grated nutmeg, cardamom, and a pinch of salt, and steam it for about 45 minutes. To enhance the flavor, garnish the steamed Watalappan with a few cashews on top.

Note: You can prepare the dish entirely using sugarcane honey without the jaggery. In that case, use approximately 250 ml of sugarcane honey for the above mixture. Thus, by thoroughly watching the above video, you will be able to clearly understand how to prepare Watalappan using sugarcane, which is both highly nutritious and medicinally valuable.

Love you all
Niru

සුභම සුභ දවසක් හැමෝටම, ☘️

නිවර්තන කලාපයේ හටගැනෙන බහුවාර්ශික ශාකයක් වන උක්පුරුක් යනු තෘණ විශේෂයක් වේ. දේශිය සිංහල වෙදකමෙහි උක් සදහා හිමිවන්නේ ප්‍රධාන තැනකි.. සීනී නිශ්පාදනයට වගේම රෝග රැසකට ගුණය සලසන උක් ඖෂධීය වශයෙන් ඉතා ඉහළ ගුණයක් හිමි වන මෙම උක්පුරුක් වල අඩංගු පෝෂණ සංඝටක ලෙස,

කාබෝහයිඩ්‍රේට්
සෝඩියම්
පොටෑසියම්
සීනී
කැල්සියම්
යකඩ
මැග්නීසියම්

ආහාරයට හා පානයට ගැනීමේ වාසී:

පිළිකා රෝග පාලනය
සම පැහැපත් වීමට
කොලොස්ට්‍රෝල් පාලනය
අර්ශස් රෝග පාලනයට
මානසික ආත්තිය වළක්වයි.
රුධිර පීඩනය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට
වකුගඩු වල ගල් සෑදීමේ අවධානම අඩු කිරීම
දත් දිරායාම සහ මුඛය දුර්ගන්ධය වැළක්වීම
සිරුරට ශක්තිය සැපයීම.
සෙම් රෝග සදහා
කාම ශක්තිය වර්ධනය
ඒ අනූව බොහෝ රෝග රැසකට ගුණ දෙන මෙම උක් පැණි මිශ්‍ර කර වටලප්පන් සකසා ගන්නා අයුරු බලමු.
අඩංගු ද්‍රව්‍ය : වටලප්පන් 250g සදහා

උක් පැණි 125 ml
හකුරු 125 g
බිත්තර 4
වැනිලා තේ හැදි 1
පොල්කිරි අඩු කෝප්ප 1/2
එනසාල් සහ කරාබුනැටි ස්වල්පයක්

සාදන ක්‍රමය:

මුලින්ම උක් දඩු වල පොතු ඉවත් කර සෝදා කුඩා කැබලි වලට කපාගන්න. ඉන්පසුව එය පිරිසුදු රෙදි කැබැල්ලක් මත තබා හොදින් කොටාගන්න. කපාගත් උක් දඩු කැබැලි සිහින් වනතුරු කොටාගැනීමේන් අනතුරුව භාජනයකට උක් පැණි ටික පෙරාගන්න..මෙම උක් පැණි වල ජලය ඉවත් කර ගැනීමට සහ උක් පැණි වල රන්වන් පැහැය ලබාගැනීම සදහා ලිප මත තාච්චියක් තබා මද වෙලාවක් පෙරාගත් උක් පැණි ටික උණු කරගන්න.. ඉන්පසුව වටලප්පන් සැකසීමට අවශ්‍ය වන බිත්තර 4 හොදින් ගසා ගන්න. එයට පොල් කිරි අඩු කෝප්ප භාගයක් සහා සිහින්ව ගා ගත් හකුරු මිශ්‍ර කරන්න. ඉන්පසුව නැවත මිශ්‍රණය හොදින් ගසාගන්න. එයට උණුකර සකසා ගත් උක් පැණි මිශ්‍ර කරන්න..අවසානයේ දි වැනිලා, තලාගත් එනසාල්, කරාබු නැටි සහ ලුනු ස්වල්පයක් එකතු කර වාෂ්පයෙන් විනාඩි 45 ක් පමණ තම්බාගන්න. රසවත් කරගැනීම සදහා තම්බාගත් වටලප්පන් එක මත කජු මද වලින් සරසාගන්න.

සැ.යු. මෙහිදී හකුරු නොමැතිව සම්පූර්ණයෙන්ම උක් පැණි පමණක් යොදාගෙනද සකස් කළ හැකිය. එහිදී උක් පැණි යොදාගන්නේ නම් ඉහත මිශ්‍රණය සදහා උක් පැණි 250ml පමණ යොදාගන්න.
ඒ අනුව මෙලෙස ඉතා ගුණදායක මෙන්ම ඖෂධීය පලතුරක් වන උක්පුරුක් යොදාගෙන වටලප්පන් සකස් කරන ආකාරය ඉහත වීඩීයෝ එක සම්පූර්ණයෙන් නැරඹීම තුළින් ඔබට පැහැදිලි කරගත හැකිය.

පරිසරයත් එක්ක ජීවත් වෙන්න..!!!🍀☘️🌿
නිරූ

© All right reserved
ǀ Green vibe with Niru

乡村烹饪 cuisine de village ग ाँव क ख न बन न cucina del villaggio طبخ القرية Dorfkochen 村の料理 dorp koken 마을 요리 pagluluto ng nayon деревенская кухня cozinha da vila ഗ്രാമീണ പാചകം
cocina del pueblo গ্রাম রান্না vesnické vaření landsby madlavning ចម្អិនអាហារតាម្ភូម្ិ kylän ruoanlaitto ग उाँ ख न पक उने masakan desa கிராம சமையல்

Watch all of my video(playlist) –    • Green Vibe  

#Villagecooking #TraditionalVillage #Villagelife #Villagefood #Countryfood #Dessert
#Greenvibewithniru #srilanka #cuisine #PomegranateRecipes #TraditionalCooking #Homecooking #Naturelove #SriLankanfood #Healthyeating #ecofriendlycooking #Familymeals #Authenticflavors #TropicalFruit

Комментарии

Информация по комментариям в разработке