Seth Geeya සෙත් ගීය (Suniyam Devi Geethaya) | Saman Lenin | Lyrics : Sheltan Weerarathne

Описание к видео Seth Geeya සෙත් ගීය (Suniyam Devi Geethaya) | Saman Lenin | Lyrics : Sheltan Weerarathne

#SethGee #Suniyam #subra warna



පරලෝ සැපත් ප්‍රවීණ ගී පද රචක හා ගත් කතුවර ෂෙල්ටන් වීරරත්න මහතා ට පිo පිනිස පවුලේ ඥාතීන් වන ශ්‍රියානි වීරරත්න (බිරිඳ), සචිනි වීරරත්න, සඳරේණු වීරරත්න හා සඳරේඛා වීරරත්න යන දියණියෝ ද, සුනිල්, උපුල් හා ලක්ෂාන්ත යන බෑණනුවන්හු ද යන අය විසින් මෙම ගීතය ප්‍රචාරය කරවන්න ට නිෂ්පාදනය කලෝය.

ඔබ සැමට සෙත් වේවා!

රට ම සුරැකේවා!

ශුභ්‍ර වර්ණ පිරුවට ඇඳ වැද්ද ගෙන බරොණ සියොලඟ
ශුද්ධ තුරඟු පිට වැඩ හිඳ ඉද්ද සුවඳ දී යන මඟ

සිද්ධ සූනියම් සුර රද යව්ද ගිරි බිසෝ පුත් සඳ
ශ්බ්ද දී නඟා බැති පුද කන්නලව් කරම් පා වැඳ

සතට පිහිට වන නිසි කල මෙත් සිතින් දිවැස ළමිනා
දුකට පත් දනට කර ලොළ සත් සිතින් යසස සදනා
හොඳට හොඳ කරන සැම කල සත් දනන් සතත රකිනා
රටට සෙත සදනු සුරිඳුනි දික් රුපුන් නිබඳ සරනා

පිනට පින් දෙවන සුරිඳුනි සැණසෙමින් පෙරුම් පුරණා
සැමට කණ් යොමන දෙවිඳුනි පියෙකු මුන් කුළුණු සිතිනා
ලකට වන් සකල විණ දොස් උවදුරෙන් රටම පෙළනා
සුනෙට දුන් වරම් තෙදැසින් පිස හරින් විපත් සැණිනා

සෙත් ගී පද : ෂෙල්ටන් වීරරත්න
සoනාද හා ගායනය : සමන් ලෙනින්

Комментарии

Информация по комментариям в разработке