1818 Kanda Udarata (කන්ද උඩරට ශුද්ධ භූමියේ) | Saman Lenin

Описание к видео 1818 Kanda Udarata (කන්ද උඩරට ශුද්ධ භූමියේ) | Saman Lenin

#1818 #kandy #KandaUdarata

පර සිරිත් ගත් අයට සැළකිලි
හෙළ සිරිත් පල්ලට ගියා
එක්ව අත්සන් තබපු අයටත්
විපත්තිය තේරුම් ගියා

සුදු කිරීටය කරපු කෙණහිළි
කම් වලට හිත දැඩි වුණා
කන්ද පාමුල ඊට එරෙහිව
නැගුණු උණුසුම වැඩි වුණා

වෙල්ලස්ස බිංතැන්න තැන තැන
වීර දරු කැළ රැස් වුණා
නැගුණු රණ බෙර නාද නූ සිහ
ධජය සුළඟේ ලෙළ වුණා

බූටෑවේ රටේ රාළ
කිවුලෙ ගෙදර මොහොට්ටාල
හිමි ඉහගම රතනපාල
පෙරමුණ ගත්තයි උදාර

වෙල්ලස්සෙන් නැගුණු ගින්න
සැණෙකින් මැඩපවත්වන්න
සුද්ද එවපු කැප්පිටිපොල
නිලමෙ හැරුණෙ රට රකින්න

කැලේ කොලේ ජල දුරගෙන්
මරු හීසර වැහි වැස්සා
ලොව හොල්ලපු සුදු සේනා
වෙල්ලස්සෙ දි පසු බැස්සා

ගහට විපත ගහම වේය
සටනෙ රහස් පිට දුන්නා
එක්නැලිගොඩ, මොල්ලිගොඩලා
සුද්දට යළි පණ දුන්නා

සියලු පිරිමි හරක බාන
දුටු දුටු තැන වෙඩි තිබ්බා
කෙත්වතු ටික අටු කොටු ටික
උන් ඇවිදින් ගිණි තිබ්බා

අපිම අපේ සටන එදා
ලාබෙට පාවා නොදෙන්න
අපිට හයිය තිබුන යාලු
සුදු තුවක්කු බිම නවන්න

ගියපු නුවණ ආයෙත් බෑ
ඇතුන් ලවා වත් අදින්න
අතීතයම ගුරුවරයෙකි
හොඳ පාඩම් ඉගෙන ගන්න


ගී පද : ගයා රම්‍ය අල්විස්
සංනාද හා ගැයුම : සමන් ලෙනින්

Lyrics - Gaya Ramya Alvis
Music - Saman Lenin
Artyist - Saman Lenin

Комментарии

Информация по комментариям в разработке