Bread Pizza For Breakfast / උදේ කෑමට පාන් පීසා

Описание к видео Bread Pizza For Breakfast / උදේ කෑමට පාන් පීසා

I made bread pizza for breakfast today. My brother was also at home so made a few extra slices for him. Bread pizza is something I absolutely love to make because it’s one of my favorite things to eat! Brings me so much happiness and joy to see my family enjoy this as much as I do.

අද උදේට මට පාන් පිසා හදලා කන්න ආස හිතුනා. මල්ලිත් ගෙදර හිටපු නිසා මං එයාට එක්කම පාන් පිසා එක පාර ලැස්ති කරා., ගොඩක් ආස කෑමක් නිසා ගොඩක් සතුටෙන් හදන්න පටන් ගත්තේ.

සොසේජස් ටිකක් තෙල් දාලා ඒකෙනුයි පාන් පිසා හැදුවේ..

සොසේජස් දවස ගානේ වේල් තුනටම කෑවොත් පිලිකා අවදානමක් එන්න පුළුවන්ලු.. ඕනම දෙයක් ශරිරෙට ඕනවට වඩා ඕනම නෑනේ.. ඒ නිසා අපි හැමදේන ක්‍රමානුකුලව පාවිච්චී කරාම එකෙන් නරකක් වෙන්නේ නෑ. සොසේජස් වුනත් මාසෙකෙට දෙපාරක් තුන්පාරක් කෑවට ශරීරෙට අහිතකර වෙන්නේ නෑ. මං මේ සොසේජස් ප්‍රමෝට් කරනවා නෙවෙයි මං දන්න දේ කියුවේ.

මං පොඩි කාලේ ඉදන් සොසේජස් කෑවේ, මාසෙට දෙතුන් වතාවක් අම්මා අපිට හදලා දුන්නා. මාත් මගේ දරුවන්ට දෙනවා එයාලා ඉල්ලුවාම..ඒත් උපරිම මාසෙට දෙතුන් වතාවක් විතරයි.

පොඩි දරුවෙක් සොසේජස් කන්න ආසයි නම් කඩෙන් අරන් දෙන්න බයයි නම්, ගෙදරම හදාගන්න පුළුවන් ලේසි ක්‍රම යුටියුබ් චැනල් වල තියනවා. මටත් ආසයි හදලා බලන්න. එහෙම හැදුවාම ඔයාලාටත් කියන්නම්..

💙මං මේ විඩියෝ එකේ කියන පවිත්‍රා පතිරත්න කියන්නේ මෙඩිකල් ඩොක්ටර් කෙනෙක් නෙවෙයි, මං නොදැනයි ඒක කියුවේ පස්සේ ඒ මිස්ම ඒ පොඩි අඩුපාඩුව නිවැරදි කරා, Chemistry සම්බන්ධයෙන් Assistant Professor කෙනෙක් කියලා.. විඩියෝ එකේ වොයිස් එක ආපහු හදන්න අමාරු නිසා ඒ නිවැරදි කිරීම සටහනේ ලියුවා.

ඉතින් පාන් පිසා එක රස විදින්න..

සතිඅන්තය සුන්දරව ගතකරන්න පුළුවන් වෙන්න ඕන හැමෝටම.. ❤️

Комментарии

Информация по комментариям в разработке