ආදරෙත් එක්ක උයන්න - සෙනසුරාදා දවල්ට මං ආසම මෙනු එක..

Описание к видео ආදරෙත් එක්ක උයන්න - සෙනසුරාදා දවල්ට මං ආසම මෙනු එක..

මේ සෙනසුරාදා දවල්ට කන්න හදපු කෑම වේල. පොඩි අයත් කහබත් ආස නිසා මං කහබතක් හදලා අල කිරට උයලා, කුකුල්මස් මිරිසට හදලා, බටුමෝජු හැදුවා. පොඩි අයට වෙනම කුකුල්මස් බැද්දා.. පහලින් ලියන්නම් අවශ්‍ය දේවල් ටික..

🔹කහ බතට
▪️පොන්නි හාල් කෝප්ප 3 ක්
▪️හාල් මැනපු කෝප්පෙන්ම පොල්කිරි මිටිකිරෙන් කෝප්ප තුනයි, දිය කිරෙන් කොප්ප 3 යි
තෙම්පරාදුවට
▪️බටර් මේසහැදි 2
▪️කරපිංචා
▪️රම්පේ
▪️කපපු ලූනු
▪️සුදුලූනු බික් 2 ක් ( වංගෙඩියේ කොටලා)
▪️එනසාල් , කරාඹුනැටි 6 ගානේ
▪️කුරුදුපොතු කෑලි 1 ක්
▪️සුදුරු තේහැදි කාලක්
▪️කහ තේහැදි භාගයක්
▪️ගම්මිරිස් ඇට 5 ක් 6 ක්
▪️ලුණු කුඩු තේහැදි 2

🔹අල කිරට
▪️අලගෙඩි 4 ක්
▪️කරපිංචා
▪️රම්පේ
▪️කපපු ලූනු
▪️සුදුලුනු බික් 1 ක්
▪️කහ කුඩු තේහැදි කාලක්
▪️අමුතුනපහ කුඩු තේහැදි කාලක්
▪️ගම්මිරිස් කුඩු තේහැදි කාලක්
▪️ලුණුකුඩු තේහැදි 1 ක්
▪️උම්බලකඩ ටිකක්
පහල මේ වර්ග ටික කබලේ බැදලා අරන් වංගෙඩියේ දාලා කොටලා අල එකට එකතු කරා
අබ තේහැදි කාලක්
සුදුරු තේහැදි කාලක්
මාහදුරු තේහැදි කාලක්
උළුහාල් තේහැදි කාලක්
▪️වතුර අල මට්ටමට
▪️උකුම පොල් කිරි වලින් කෝප්ප කාලක්


🔹කුකුල්මස් මිරිසට
▪️කුකුල් මස් ග්‍රෑම් 800
▪️තෙල් මේස හැදි 1 ක්
▪️මිරිස්කුඩු තේහැදි 2 ක්
▪️අමුතුනපහ කුඩු තේහැදි භාගයක්
▪️ලුණු කුඩු තේහැදි 1
▪️කහකුඩු තේහැදි කාලක්
▪️බැඳපු තුනපහ කුඩු තේහැදි 1 ක්
▪️ගම්මිරිස් කුඩු තේහැදි භාගයක්
▪️විනාකිරි තේහැදි 1 ක්
▪️කරපිංචා, රම්පේ
▪️කපපු ලූනූ ටිකක්
▪️සුදුලූනු බික් 3 ක්
▪️අමු ඉගුරු පෙති 3 ක්
▪️වතුර කෝප්ප 1 ක්

බටු මෝජුව
▪️වම්බටු ගෙඩී 9 ක්
වම්බටු ටික එයාෆ්‍රයර් එකේ බැදගන්න කලින්,
▪️කහ තේහැදි කාලක්, ලුණු කුඩු තේහැදි 1 ක්, තෙල් මේසහැදි 2 ක් දාලා කලවම් කරා..
▪️පොඩි රතුලුනු ගෙඩි 15 ක්
▪️කරපිංචා
▪️රම්පේ
▪️අමුමිරිස් කරල් 7 ක්
▪️හාල් මැස්සෝ ග්‍රෑම් 50 ක්
▪️මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු තේහැදි භාගේ ගානේ
▪️ලුණු කුඩු තේහැදි භාගයක්
▪️විනාකිරි කොප්ප කාලක් ( සියඹලා ඉස්මත් විනාකිරි වෙනුවට ගන්න පුළුවන් )
▪️අබ තේහැදි කාලක් වංගෙඩියේ කොටලා
▪️සීනි තේහැදි 1 ක්

මං මේ ලියුවේ මට මේ මෙනු එක හදන්න ගියපු දේවලුයි ඒ ප්‍රාමාණයන් විතරයි..

විඩියෝ එක දිගයි. අවසානය වෙනකන් නරඹනවාට ගොඩක් ස්තුතියී..

ආදරෙන්,
හෂී🌸

🔹Cook with Love Facebook
https://www.facebook.com/profile.php?...

🔹Cook with Love Instagram
https://instagram.com/homeyfoodies?ig...

🔹Cook with Love Tiktok
www.tiktok.com/@homeyfoodies

Комментарии

Информация по комментариям в разработке