ඇතැම් ඔසුපත් නිරයවල් මහ පොළව මතත් සාගරය මතත් පිහිටා තිබෙන බව මිත්ත වින්දක ආදී ජාතක..

Описание к видео ඇතැම් ඔසුපත් නිරයවල් මහ පොළව මතත් සාගරය මතත් පිහිටා තිබෙන බව මිත්ත වින්දක ආදී ජාතක..

Ven Koralayagama Saranathissa Thero - The Buddhist TV 21-03-2020
පුජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෞද්ධයා රූපවාහිනී නාළිකාව 21-04-2020
මරණසතිය වඩන හැටි
කෙනෙක් පස් කන්දකට යටවෙලා මැරෙන්න පුළුවන්, තව කෙනෙක් ගිනි කන්දකට යටවෙලා මැරෙන්න පුළුවන්
අපේ ගතිය සිද්ධ වෙන තැන පිලිබඳ අපි දන්නෙත් නැහැ - ඒ කියන්නේ අපි මැරිලා ඉපදෙන තැන දන්නේ නැහැ
අපි කවද හරි මේ ජීවිතය ඉවරවෙලා අයෙත් උපදින්නේ කොහෙද ? ඉපදෙන්න නම් ඕන තරම් තැන් තිබුණත් අපි දන්නේ නැහැ මැරිලා අපි කොහද ඉපදෙන්නේ කියල
නිරය ලෝක වල අතිශයින් දුෂ්කරයි, ආයු කාලය ඉතාමත් ඉහළයි
මේ ජීවිතයෙන් පස්සේ නිරය තිරිසන් ලෝකයට වැටුණොත් අයෙත් මනුස්ස ලෝකයට එනවා කියනේ ඉතාමත් අපහසුයි
අපේ බුද්ධ ශාසනයේ දිව්‍ය සම්පත් ලබපු තිරිසන් සතුන් කිහිප දෙනෙක් ගැන සඳහන් වෙනවා
ආයුෂ අඩුම නිරය ලෝකය - සංජීවය නම් නිරය ආයුෂ -මනුෂ්‍ය වර්ෂ බිලියන 1620ක්.
අවීචිය කියන්නේ ඉතාමත් දරුණුම වධ බන්ධන සහිත නිරය එහි ආයුෂ ...
ඔසුපත් නිරයන් කියන්නේ මේ මහා නිරයන් වටේට තිබෙන පොඩි පොඩි අපායන් හැටියට, මේවා 128ක් තිබෙනවා
ඇතම් ඔසුපත් නිරයවල් මහ පොළව මතත් සාගරය මතත් පිහිටා තිබෙන බව මිත්ත වින්දක ආදී ජාතක කතා වලින්
විමාන ප්‍රේතයන් කියන්නේ රාත්‍රී කාලයේ සැප විඳින සහ දිවා කාලයේ දුක් විඳින කොට්ටාශයක්
අපි වචනේ දැනගෙන හිටියට මේ මොකද්ද මේ උරචක්‍ර මාලය කියල කියන්නේ.
තපෝදා නදිය ගැන කියනව නම් ඉතාමත් සීතල පිරිසිදු, රසයි මෙය ආරම්භ වෙන්නේ නාග ලෝකයේ
රජගහ නුවරට යටින් ඔසුපත් නිරයන් දෙකක් තියනවා කියල සඳහන් වෙනවා
ධර්මයේ සඳහන් වෙනවා අවීචියට අබ ඇටයක් දැම්මොත් බිමට වැටෙන්න කාලාන්තරයක් ගත වෙනවා කියල ඒ මොකද අතුරු සිදුරු නැතුව පිරිලා තියෙන්නේ
මේ ජීවිතයේ බොහෝ කුසල් කරාට අපි දන්නේ නැහැ මරණාසන්න මොහොතේ අපිට පෙර සංසාරයේ කරපු පවක්...
සමහර රටවල් වහනයක් එලියේ නවත්තල තිබ්බොත් උදේ මුළු වාහනයම අයිස් වලින් මිදිලා. අපි ජීවත් වෙන රට එහෙම නැහැ පින්වතුනි.
සමහර අම්ම තත්තලා ඉන්නවා හිඟා කනවා, දරුවන් බොහොම ලොකු තැන් වල ඉන්නවා. ඒ අම්ම තාත්තා නිත්‍ය සංඥාවෙන් අරන් ජීවත් වෙලා තියෙන්නේ. තමන්ගේ දරුවන් තමන්ට මෙහෙම කරන එකක් නැහැ කියල. එත් බලන්න
බුදුරජාණන් වහන්සේ සෑම මොහොතකම පින් කරන්න කියල තියෙන්නේ අපිට..
ජීවිතය ගත වෙන ගත වෙන මොහොතක් පාසාම අහිමි වෙනවා. ජීවිතය අහිමි වෙනකොට අපි බලන්නේ මොනවා හරි හිමි කරගන්න . අහිමි වෙන ලෝකයේ බොහෝ භෞතික දේවල් හිමි කරගන්න බොහෝ සේ උත්සාහ කරාම මම විසින් මට යමක්
හිමිකරගන්නේ නැති වෙනවා. අර හිමි කරගත්ත සියලු දේවල් මෙහෙ දාල හිස් අතින් යන්න වෙනවා.
ඉපදුන තැනත් සුවසේ ඉපදෙන්න වහ වහා කුසල් රැස් කරගන්න
අපි එකම ගෙදර ඔක්කොම අය මැරිලා එක එක තැන් වල උපදින්න පුළුවන්.
අනුන් දෙන පින් වලින් පෝෂණය වෙන්න බලාපොරත්තු වෙනවට වඩා සැක නැතුව මැරෙන්න වහ වහා අදම පින් කරගන්න
කොහෙන් කොහෙන් හරි ඇවිල්ල එක පවුලක ඉපදිලා තිබුණට ඒ එක එක කෙනා මැරිලා කොහොම කොහේ උපදිනවද කියල හිතාගන්න බැහැ
මම මරණ කෙනෙක් කියන එක අමතක කරන්න එපා. මගේ ජීවිතය අනිත්‍යයි අස්ථිරයි කියල අමතක කරන්න එපා
සමහරක් බුද්ධාගමට බයයි. කතා කරන්නෙම දුක ගැන , අනිත්‍ය ගැන මරණය ගැන. ඒ හරියට බුද්ධාගම දන්නා අය නෙමෙයි
බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ගැන දේශණා කරේ අපිට හිතේ සැනසීම උදාකරන්න පමණයි

Комментарии

Информация по комментариям в разработке