කර්මයක් කරනවා නම් යම්කිසි දවසක ඒ කර්මය තමන්ට පල දෙනවාමයි

Описание к видео කර්මයක් කරනවා නම් යම්කිසි දවසක ඒ කර්මය තමන්ට පල දෙනවාමයි

Ven Koralayagama Saranathissa Thero - The Buddhist TV 2024-12-29
පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෞද්ධයා රූපවාහිනී නාළිකාව 2024-12-29
ජාතක පාළියේ දේශණා කොට වදාළ කර්මය ගැන සඳහන් වෙන ඉතාමත් වටිනා ගාථා රත්නයක් ඇසුරෙන්
චුල්ල නන්දිය කියන ජාතක කතාවේ තමයි මේ ගාථාව සඳහන් වෙන්නේ
මේ ගාථා රත්නයේ තේරුම මේ ලෝකයේ ඉපදුණ යම් පුරුෂයෙක් තමන් කුමන කර්මය සිදු කරත් ඒ කිව්වේ පාප කර්ම හෝ පුණ්‍ය කර්ම එහෙමත් නැත්නම් තමන් කරන යහපත් කර්ම අහයපත් කර්ම දවසක තමන්ට ඒ විදියට අත් විඳින්නට සිදු වෙන බව.
කර්ම විෂය කියන්නේ අචින්ත්‍ය ධර්ම 5න් එකක්
කර්මයක් කරනවා නම් යම්කිසි දවසක ඒ කර්මය තමන්ට පල දෙනවාමයි
අපි කරන කුසල කර්ම අපිට පල දෙනවා. කුසල් විතරක් නෙමෙයි අකුසලුත් ඒ විදියටම පල දෙනවා
අමතක කරන්න හොඳ නැහැ කුසල් වගේම අකුසල් වගේම පල දෙනවා.
අපි එක අකුසලයක් කරාම එය එක පාරක් පල දෙනවා නම් කමක් නැහැ කියල හිත හදාගන්න පුළුවන්. නමුත් එක අකුසලයක් කරාම එය අවුරුදු සිය දහස් ගණනක් පල දෙනවා. අන්න එයයි භයානක බව
අපි කවුද, ලොවුතුරා බුදුරජාණන් වහන්සේට පල දුන්න කර්ම ගැන ධර්මයේ සඳහන් වෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් සළකා බලමු
දේවදත්ත තෙරුන් බුදුරජාණන් වහන්සේට ගලක් පෙරලන්න බුදුරජාණන් වහන්සේට පෙර ආත්මයේ කරපු අකුසල කර්මය
බුදුරජාණන් වහන්සේට තිබුණා දරුණු ගණයේ කොන්දේ අමාරුවක්, එයට හේතු වුණ අතීත අකුසල කර්මය
අපේ බුදුරජාණන් වහන්සේට තිබුණා හිසේ කැක්කුමක් වරින් වරින් හැදෙන, එයට හේතු වුණ අතීත අකුසල කර්මය
මහා මුගලන් මහා තෙරුන්ට ධූර්තයන් 500ක් ගෙන් ගුටි කාල පිරිණිවන් පාන්නට සිද්ධ වෙන්න වුණ අතීත කර්මය
තිදොර සංවර කරගත්තේ නැති නිසා මේ ලෝකයේ සතුන්ගේ නම් කියා කියා මිනිස්සු කී දෙනෙකුට බැණලා ඇතිද
බණින්න ඕන නිසා හොඳටම හිත රිදෙන වචනේ හොයල තමයි අපි බණින්නේ
මේ ලැබුණ ජීවිතය ලබා දුන්නේ වෙන කෙනෙක් නෙමෙයි මමම කරපු කුසල් නිසා තමයි මේ මනුෂ්‍ය ජීවිතය අපිට හිමි වුණේ
ධර්ම දේශණාව ශ්‍රවණය කරන්න
#bana #budubana #venkoralayagamasaranathissa #koralayagamasaranathissa #buddhisttv #2024 #koralayagamasaranathissahimi #ranmallasantha #koralayagamasaranathissathero #budu_bana #bana_deshana #koralayagamasaranathissahamuduruwo #dharmadeshanasinhala #darmadeshanasinhala

Комментарии

Информация по комментариям в разработке