Grade 9 - Loci and Constructions | 9 ශ්‍රේණිය - පථ හා නිර්මාණ

Описание к видео Grade 9 - Loci and Constructions | 9 ශ්‍රේණිය - පථ හා නිර්මාණ

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල පථ හා නිර්මාණ පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

පථයක් යනු යම් අවශ්‍යතා එකක් හෝ කිහිපයක් සපුරාලන පරිදි ඇති ලක්ෂ්‍ය කුලකයක්
බව හැඳින්වීම
අචල ලක්ෂ්‍යයකට නියත දුරකින් පිහිටන ලක්ෂ්‍යවල පථය වෘත්තයක් බව හැඳින්වීම
අචල ලක්ෂ්‍ය දෙකකට සමදුරින් පිහිටන ලක්ෂ්‍යවල පථය ක්‍රියාකාරකමක් මගින් ලබා
ගන්නා ආකාරය
අචල ලක්ෂ්‍ය දෙකකට සමදුරින් පිහිටන ලක්ෂ්‍යවල පථය නිර්මාණය කරන ආකාරය
අචල ලක්ෂ්‍ය දෙකකට සමදුරින් පිහිටන ලක්ෂ්‍යවල පථය ලම්භ සමච්ඡේදකය බව
හැඳින්වීම
අචල රේඛාවකට නියත දුරකින් පිහිටි ලක්ෂ්‍යවල පථය නිර්මාණය කරන ආකාරය
අචල රේඛාවකට නියත දුරකින් පිහිටි ලක්ෂ්‍යවල පථය එම සරල රේඛාවට සමාන්තරව
එම නියත දුරින් සරල රේඛාව දෙපස පිහිටි සරල රේඛා දෙක බව හැඳින්වීම
ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් පිහිටි ලක්ෂ්‍යවල පථය ක්‍රියාකාරකමක් මගින්
ලබා ගන්නා ආකාරය
ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් පිහිටි ලක්ෂ්‍යවල පථය නිර්මාණය කරන
ආකාරය
ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් පිහිටි ලක්ෂ්‍යවල පථය කෝණ සමච්ඡේදකය
බව හැඳින්වීම
රේඛාවකට බාහිර ව පිහිටි ලක්ෂ්‍යයක සිට එම රේඛාවට ලම්භ රේඛාවක්
නිර්මාණය කරන ආකාරය
රේඛාව මත ලක්ෂ්‍යයක සිට එම රේඛාවට ලම්භ රේඛාවක් නිර්මාණය කරන ආකාරය
සරල රේඛා ඛණ්ඩයක අන්ත ලක්ෂ්‍යයක සිට එම රේඛාවට ලම්භ රේඛාවක්
නිර්මාණය කරන ආකාරය
අංශක 60 කෝණය නිර්මාණය කරන ආකාරය
අංශක 120 කෝණය නිර්මාණය කරන ආකාරය
අංශක 30 කෝණය නිර්මාණය කරන ආකාරය
අංශක 90 කෝණය නිර්මාණය කරන ආකාර දෙකක් සාකච්ඡා කිරීම
අංශක 45 කෝණය නිර්මාණය කරන ආකාර දෙකක් සාකච්ඡා කිරීම
දෙන ලද කෝණයක් පිටපත් කරන ආකාරය

වචන මාලාව (Glossary)
--------------------------------------
අචල ලක්ෂ්‍යය - Fixed point
නියත දුර - Constant distance
සමදුරින් - Equidistant
ලම්භ සමච්ඡේදකය - Perpendicular bisector
අචල රේඛාව - Fixed line
සමාන්තරව - Parallel
දෙපස පිහිටි - On either side of
ඡේදනය වන සරල රේඛා - Intersecting straight lines
කෝණ සමච්ඡේදකය - Bisector of the angle / Angle bisector
වෘත්තය - Circle
සරල රේඛා ඛණ්ඩයක අන්ත ලක්ෂ්‍යය - End point of a straight line
කෝණය - Angle
ලම්භ රේඛාව - Perpendicular
රේඛාවකට බාහිර ව පිහිටි ලක්ෂ්‍යයක සිට - From an external point of a line
රේඛාව මත ලක්ෂ්‍යය - Point on a straight line
කෝණයක් පිටපත් කිරීම - Copy an angle

Grade 9 - Loci and Constructions (Q & A) | 9 ශ්‍රේණිය - පථ හා නිර්මාණ (ප්‍රශ්ණ හා පිළිතුරු)
   • Grade 9 - Loci and Constructions (Q &...  

#olmaths #grade9 #apegananpanthiya

Subscribe to Ape Ganan Panthiya: http://bit.ly/AGP_Subscribe
Check out the Ape Ganan Panthiya website: http://bit.ly/AGP_Website

Get social with Ape Ganan Panthiya:
Twitter: http://bit.ly/AGP_Twitter
Facebook: http://bit.ly/AGP_Facebook
Instagram: http://bit.ly/AGP_Instagram

Комментарии

Информация по комментариям в разработке