අවාරේ සිරිපා | Off Season Siripda

Описание к видео අවාරේ සිරිපා | Off Season Siripda

අවාරේ සිරිපා | Off Season Siripda



සිරිපා අවාරේ
(පුළුල් මනසකින් අවාරේ විඳින්නට හැකි අයට පමණයි)

මේ ගෘප් එක සැදීමේ අරමුණ සමස්ත සමනල රක්ෂිතේම සුන්දරත්වය දැක ගැනීමයි. විශේෂයෙන්ම පැරණි ෆොටෝ, පැරණි විස්තර, අත්දැකීම් වගේ දේවල් බෙදාගැනීමයි. මන්ද අපි කොපමණ වර කුමන මාර්ගයකින් සිරිපාදේ ගියද ඒ හැම වරකම අපි ලබන්නේ වෙනස්ම අත්දැකීමක්, වෙන කෙනෙක් ගිය ෆොටෝ දකිද්දී දකින්නෙට් වෙනස්ම අත්දැකීමක්. සිරිපාදේ පිළිබද ආදරයක් සිරිපාදේ සුරකින්න ආසාවක් ඔබ සැම තුල ඇති කිරීම මෙහි අරමුනයි. දැන් ආරම්භ වුනේ සිරිපා අවාරේ සමයයි. මේකේ තියෙන ෆොටෝ දකිද්දී කිසිදා අවාරේ නොගිය අයට පවා මෙවර අවාරේ යන්න ආසාවක් ඇති වෙන්න පුළුවන්, එත් හැම වෙලේකම මතක තබාගන්න අවාරේ යාම සරල පහසු දෙයක් නෙවෙයි. ආතල් එකට වාරේ ගියාට අවාරේ ආතල් හොයන් යන්න බැහැ. එක නිසා අවාරේ යන්න හිතන අය පොඩ්ඩක් පහත කරුණු ගැන අවධානය යොමු කරන්න. මේ දේවල් වෙලා තියෙනවා, එක නිසා ඔයාලා යද්දිත් වෙන්න පුළුවන්. කොහෙන් කොහොම ගියත් ජිවිත ආරක්ෂාව තමයි හැමෝටම වැදගත් වෙන්නේ.

ක්ෂණික ගංවතුර/ ගංගා පීටාර ගැලීම්
කුමන මාර්ගයකින් ගියද මෙය සිදුවිය හැකි සුලභ දෙයක් වර්ෂාව වැටුනොත්. ඒ වෙලේට කිසිම විටක ගග හරහා යන්න එපා. ගල් උඩින් යද්දී ලිස්සන්න පුළුවන් අනිවාර්යෙන්ම. හදිසියේ හෝ ලිස්සා වැටුනොත් හෝ ගහගෙන ගියෝට් ඔයාලගේ සගයන්ටවත් ඔයාලව හොයාගන්න බෑ, ඒ බව වෙන කෙනෙක්ටවත් කෝල් කරලා කියන්නත් බෑ. විශේෂයෙන්ම එරත්න, මුක්කුවත්ත සහ දැරණියගල පාරේ කුරුගග හරහා යද්දී අතරමැදදී ඔයාලට හිතාගන්න බැරි විදිහට ක්ෂණික ගංවතුර (Flash Floods) එන්න පුළුවන්.

ගස් කඩා වැටීම්
රජ මාවත, මුක්කුවත්ත, දැරණියගල හරිම සුලබයි ගස් වැටෙන එක. අනිත් මාර්ගත් එහෙමමයි මහා රූස්ස ගස් ක්ෂණිකව වැටෙන්න පුළුවන්. එක ගහක් වැටෙද්දී ඒ අසල අනික් ඒවත් ඇදන් වැටෙන්නේ, දුවන්නවත් පැත්තක් හිටන්න බැහැ ඒ වෙලේට.

අකුණු ගැහීම්
එරත්න, හැටන් සහ රජ මාවතේ අන්තිම හරිය යද්දී වගේම මහගිරිදබ නගිද්දී අකුණු සැර වැදෙන්න පුළුවන්, මොකද සමහර වෙලේට වැස්ස නැහැ එත් කළු විදුලි රේඛා මැවෙන්නේ හිතන්න බැරි වේගෙන්. සිරිපාදේ අවට ගම වලට අවාරේ පැව්වට බොහෝවිට මහගිරිදබ අවට සැරට අකුණු ගගහා වහින්න පුළුවන්. එක නිසා හිස් අවකාශ වලදී ගමන් කිරීමේදී සැලකිලිමත් වෙන්න.

නායයාම්
හැටන් පාරේ නායයන්නේ කුණු කදු ටික, එරත්න පාරේ පස් කන්ඩි සහ අනිත් පාරවල් වල වර්ෂා ජලය ගලාගෙන යද්දී පස් කැඩිලා නය යන්න පුළුවන්. මේ නාය යන තැන් වරෙටත් කලින් අයෙ දළුලා ගස් වැවෙනවා. වැස්සේ පස් සහිත මාර්ග වලින් වගේම ඉහල කදු සහිත තැන් වලින් යද්දී නාය යම් ගැන අනිවාර්යෙන් අවදානෙන් ඉන්න ඕන.

වන සතුන්ගෙන් වන අනතුරු
මේ කියන්නේ අලි, කොටි, වල ඌරන් සහ සර්පයන් ගැන. සාපේක්ෂව සිරිපාදේ සර්ප අනතුරු දුලබ උනත් ගම්මාන අශ්රිතවාදී වෙන්න පුළුවන්. හැබැයි අනිත් තුන් දෙනාගෙන් නම් ඕනෑම විටක අනතුරක් වෙන්න පුළුවන්. සාමාන්යෙන් අලි කොටි දකින්නත් බැහැ, උන් මිනිස් ගදට එන්නෙත් නැහැ, එත් කොටියා අනිවාර්යෙන් මුණගැහෙන්න පුළුවන්, උ මිනිස්සුන්ව දැක්කම මග හැරලා යන සතෙක්. එත් නොසිතන විටක පහර දීමක් වෙන්න පුළුවන්. හදිසියේ හෝ එහෙම අනතුරක් උනොත් ලගම රෝහලකට හෝ ගම්මානෙට ගෙනියන්න පැය ගානක් යනවා. එක නිසා අවරේදී විශේෂයෙන්ම රාත්‍රියේ අම්බලමෙන් එලියට එන්න එපා කිසිම හේතුවකට.

අධික මිදුම/ අතරමං වීම්
මේක නම් අනිවාර්ය අංගයක් සම්පුර්ණ අවරේම. විශේෂයෙන් වහින්න ගත්තම අවට තියෙන ගස් පවා වැහෙන්න මිදුම පිරෙනවා මුළු කැලේම. මේ මීදුමෙන් පරිසරය වැහෙද්දී හිතට දැනෙන්නේ මහා ගුප්ත බවක්. අනික මේ මිදුමේදී ඔයාලට හිතාගන්න බැරි ගුප්ත දේවල් වෙන්න පුළුවන් සමන්දෙවි අඩවියේ. මිදුම කොපමණද කියනවනම් ආදී දෙක තුනක් ඉදිරියෙන් යන කෙනෙක්ව පවා නොපෙනෙන තරම්. ඒ නිසාම අතරමන් වෙන්න පුළුවන්. නඩයේ කට්ටිය වෙන් වෙන්න පුළුවන්.

අධික සීතල
රාත්‍රියේ අවාරේ සීතල දරාගන්න ගොඩක් අමාරුයි, ඊටත් වඩා උදේට නැගිටිද්දී තියෙන සීතල. අනිවාර්යෙන්ම පොරෝන 2ක් වත් අරන් යා යුතුමයි. සමහරවිට වස්සේදී උදේ හෝ දහවල් කාලයේ වුව සීතල අධික වෙන්න පුළුවන්. කටවල්, කන් අගුලු වැටෙනවා වගේම අත්පා ගල් වෙන තරම් වෙව්ලන සීතලක් කොහෙන්ගියත් මහගිරිදබ ආශ්‍රිතව වෙන්න පුළුවන්.

නොනවතින කුඩළු ප්‍රහාර
දැරණියගල, මුක්කුවත්ත, එරත්න කියන්නේ කුඩල්ලන්ගේ රජ දහනක්. වැස්සේ ඔය පාරකින් යනවා කියන්නේ විනදියකදී කුඩල්ලෝ සිය ගණනක් ඇග පුරාම යන්න පුළුවන්. කුඩලු ගුලි පිටින් දැරණියගල පාරේ මුක්කුවත්තේ ඉන්නේ. ඇස්, කන්, කොණ්ඩෙට අනිවාර්යෙන් උන් යනවා ඔයාල කොච්චර ආරක්ෂා වෙන්න හැදුවත්. අනික වැස්සේදී කුඩල්ලන්ගෙන් ආරක්ෂා වෙන්න පිලියමක් නැහැ, ඇදුම් දිගේ උන් යන්නේ.

යටිතල පහසුකම් කිසිවක් නැත
සමහරු තවමත් අහනවා අවරේදී කඩ නැද්ද කියලා. අවරේදී කිසිම කඩයක් තිය කිසිම මිනිස් වාසයක් කොහෙන් ගියත් දකින්න නැහැ. කන්න බොන්න බෙහෙත් ඔක්කොම අරන් යන්න වෙන්නේ. රැට ලයිට් නැහැ, අම්බලම් අපිරිසිදුයි වගේම අහුමුලු වල සර්පයන් ඉන්න පුළුවන් කළුවර හින්දා. කිසිම දෙයකට කිසිම උදව්වක් කරන්න කිසිවෙකුත් අවාරේ නැහැ. එක නිසා ඕන ඔක්කොම අත්‍යවශ්‍ය දේවල් අරන් යන්න. වැසිකිලි හෝ ජය පහසුකම් වත් නැහැ උඩට යද්දී. දුරකථන සිග්නල් මුකුත් නැහැ.

කුණු කසල බැහැර කිරීම
සිරිපා අවාරයේදී කම්කරුවන් විසින් කිසිම කුණු එකතු කිරීමක් සිදු නොකරන බැවින් අවාරේ යන ඔබලා අම්බලම් වල හෝ කසල බඳුන් වල හෝ තැන් තැන් වල කුණු කිසිවක් නොදමන්න. ඔබේ සංවර බව සහ නිවැරදි හැසිරීම මෙම පරිසරයේ ආරක්ෂාවට මෙන්ම සිරිපා කරුණාව තහනම් වීමෙන්ද වලක්වාගත හැකිය. එම නිසා කිසිඳු පහසුකමක් නොමැති අවාරයේ යනෙන ඔබ රැගෙන යන සියලුම දේ නැවත රැගෙන එන්න, අම්බලම් හෝ පරිසරය අපවිත්‍ර නොකරන්න. කිසිම විටෙක කුණු කසල අම්බලම් තුල හෝ අවට පරිසරය තුල පිලිස්සීමෙන් වලකින්න. දුර ඈත නොපෙනෙන කාලයට පවා කුණු විසි කිරීමෙන් වලකින්න. වනසතුන්ට හිමි අවාරයේ ඔබ ආගන්තුකයෙක් පමණි. අවාරයේ මිනිසුන් විසින් අපවිත්‍ර කල පරිසරය අවාරයේ පිරිසිදු වීම ස්වභාවධර්මයා විසින් සිදු කරනු ලැබේ.

සටහන - Shaminda Ranshan © 2021

Комментарии

Информация по комментариям в разработке