sago muscat සව් මස්කට්

Описание к видео sago muscat සව් මස්කට්

නෙයි මස්කට්

අපේ මුස්ලිම් සමූහයේ ගෙවල්වල මගුලක් එනවානම් මගුලට සුමානෙකට ඉස්සෙල් ඉඳල මලට පස්සෙ සුමානයක් යනකම් මගුල් තමයි. මගුල් දවසේ කෑම වියදමට වඩා වඩා උදේ දවල් රෑ තුන් වේලෙටම උයන්න ඔනේ. කොහෙමෙ හරි බාප්පා පුන්චි නැන්දා මාමා නෑන මස්සිනාලා කියලා සවන් පහ හයකට ගෙදර තුන් වේලෙටම කට්ටිය පිරෙනවා. දුප්පත් පෝසත් කියල නැ ලඟම නෑයෝ ටික එකතුවෙල් සෙන්ටිය දාලා මම දවල්ට මම රැට මම උදේට කෑමවල වියදම දරනවා.

ඉතිං එන අයයි ගෙදර අයයි එකතුවෙලා එක එක පලතුරු ජාතිවලින් දෝසිදානවා. පැනිවලලු හදනවා. සීනිමා හදනවා. මුරුක්කු සැරට පැනියට හදනවා සේමියා කියයි ගුලාබ් ජුමුන් කියයි දොදොල් මස්කට් පැනි බූදී කියලා රස කැවිලි හදල විස්කි බ්‍රැන්ඩි ජින් නැතුව නානලා ගන්න පට්ට සොමිය.🤣🤣

ඔනම වෙලවක දීසිවලට දාලා පැනි රස ට්‍රේ එකක් ස්තොප්පුවෙ තියෙනවා. ඉතිං මගුල් ගෙදරට එන යන අය වාඩිවෙලා කාලා පට්ට ආතල් ගන්නවා.

ඉතිං මගුල් ගෙරද සව් මස්කට් කියන්නෙ විශේෂ පැනි රස කෑමක් හැබැයි හදන්න
ලේ සිනැ පැය එකහ මාරක් විතර මේ මස්කට් එක හැදි ගාන්න ඔනේ. මම තරුන කාලේ ඇඟ හදාගන්නම කියල අපේ මගුල් ගෙවල්වලට ගියාම මස්කට් තාච්චිය ලඟට ගිහිල්ලා හැදි ගානවා ඒ කාලෙ අපි ගත්ත පට්ට ව්‍යයාම තමයි මේවා.

අද මස් කට් හදනකොට ඉස්සර මගුල් වෙල්වල මස්කට් හදපු හැටි මතක් උනා.

ඉතිං ඒ කාලෙ පිප්ටෝප් එකට අරඳලා ඩෙක්ස් ෂු ඩෙනිම් ජීන්ස් ඇඳල හිරට ටීෂර්ට් එකක් දාලා කෑලි බලන්නනේ අපිවගේ කොල්ලො යන්නෙ.

ඉතිං නානා ෆුල් කිට් මරල මස්කට් තාච්චිය හැදි ගාපු හැටි මතක් වෙනකොට හිනා.🤣🤣

අද කාලෙ වගේ නම් නාන මස්කට් තාච්චය හැදිගාන පොටෝ මුහුණු පොතේ සැරිසරනවා ඇති.🤣🤣

ඔන්න ඉතිං නානා සව්හාල් gm200ක් හෝදලා වතුර ඉවත් කරල තාච්චියට දාලා වතුර කෝප්පයක් එකතු කරලා මද ගින්දරේ උකු වෙනකම් හැදි ගෑවා.

ඔන්න දැන් සව්හාල් ටික හොද තික්වෙලා එනකොට සීනි gm 400ක් හබක් ගාලා දාලා සීනි දියවෙනකම් හැඳි ගෑවා.

ඔන්න දැන් ගිතෙල් හැන්දක් දාලා ගිතෙල් හිදෙනකම් හැදි ගෑවා.

තුන්පාරක් ගිතලේ දාලා හිදෙන කම් හැදි ගාලා කජු එතු කරලා ආයෙ හැදි ගෑවා

දැන් අයෙ ගිතලේ හැන්දක් දාලා නැවත හැදි ගෑවා.

ඔන්න දැන් වේලිච්ච මිදි දාලා හැදි ගෑවා.

ඔන්න දැන් නැවත ගිතෙල් හැන්දක් දාලා හිදෙනකම් හැදි ගාලා රේස් එසෙනස් එනසහල් එකතු කරලා හැදි ගාලා නැවත ගිතෙල් දාලා මැලියමක පදමට හැදි ගාලා තැටියකට ගිතෙල් තවරලා දාලා නිවෙන්න තියල කෑලි කෑපුවා.

මද ගින්නෙ පැය එකයි කාලක වෙලාවක් අරගෙන හැදි ගාන්න. හදල ඉවර වෙනකම් හැදි ගැහිල්ල නතර කරන්න එපා. මේ විධියට හැදුවොත් ගුනේ අයියගේ කාමරේ මස්කට් කෑල්ලට වඩා හොද මස්කට් කෑල්ලක් කන්න පුලුවන් ඔං කිව්වා.

Комментарии

Информация по комментариям в разработке