පොඩි මාළු රසට බදින ලේසි ක්‍රම 2ක් | 2 ways of how to cook Small Fish Fry recipe | Chandi Cooking Hut

Описание к видео පොඩි මාළු රසට බදින ලේසි ක්‍රම 2ක් | 2 ways of how to cook Small Fish Fry recipe | Chandi Cooking Hut

මේ වීඩියෝවෙන්, ලෙහෙසියෙන් මාළු බදින ක්‍රම 2 ක් පියවරෙන් පියවර කියා දෙනවා. ඔයාල කැමති පොඩි මාළු වර්ගයක් අරන් මේ විදිහට රසට පොල් තෙලෙන් බැදගන්න.
මාළු (මාලු) කිහිප විදිහකටම රසට උයන්න පුළුවන්. ඒ අතරින් තෙල්දාලා, තෙම්පරාදු කරලා, කිරට හරි මිරිසට හරි හොදි හදලා, ඇඹුල්තියල් හදලා, එහෙමත් නැතිනම් බිස්ටේක් දාලා මාළු උයාගනිද්දි ටිකක් වෙලා යනවා. ඒත් මේ වීඩියෝවෙන් පෙන්නන විදිහට පොඩි මාළු බැදලා හදන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. හරිම ඉක්මනින්, පහසුවෙන් මේ ක්‍රම දෙකටම පොඩි මාළු බදින්න පුළුවන්.
හැදැල්ලො, සාලයො, සූඩයෝ, හාල්මැස්සො වගේ පොඩි මාළු මේ විදිහට බැදගත්තහම හරිම රසයි. වීඩියෝවෙන් පෙන්නන්නෙ සිලින්දො කියන කුඩා මාළු වර්ගය දෙවිදිහකට බැදගන්න හැටියි.
මාළු ටික, ඔළු බඩවත ඉවත් කරල, සුද්ද කරල, හෝදගන්න හැටි මගේ Chandi Cooking Hut චැනල් ඒකේ දැම්ම - මාළු කිරට සිලින්දො කිරිමාළුව - කියන වීඩියෝවෙන් බලාගන්න වෙනවා. අවසාන තිරයේ වැටෙන වීඩියෝව ක්ලික් කරලා ඒක බලන්න. නැතිනම් චැනල් එකේ වීඩියෝ අතරින් තෝරගෙන බලන්න.
මාළු කොටසක්, ඉරිඟු පිටිත් දාලා හදාගත් බැටර් එක තවරලා බැදගන්නවා. ඉතිරි මාළු කොටස, ඉරිඟු පිටි නොදා හදාගත් බැටර් එකේ දාලා පාන් කුඩු තවරලා බැද ගන්නවා. දෙකම කර කර ගාලා ක්‍රිස්පියට හැපෙන නිසා හැමෝම ආසාවෙන් කයි.
බත් එක්ක කන්න විතරක් නෙවෙයි, පාන් පෙති, බනිස් මැදට තක්කාලි, සලාද කොළ එක්ක මේ බැදපු මාළු තියලා සැන්විච් හදලා කන්නත් පුළුවන්. සාදයකදී කටගසේමක් විදිහට ගන්නත් පුළුවන්.
ඉතිරි වන බැටර් ඉවත නොදා ඒකෙන් රසවත් ස්නැක් එකක් හදාගන්න විදිහත් වීඩියෝව අන්තිමේදි පෙන්නනවා.
ඒ නිසා වීඩියෝව මුල ඉදන් අගට දිගටම බලන්න. ඔයාලට ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබේවි.

In this video, 2 easy ways to fry fish are taught step by step. Take a small fish of your choice and fry it in coconut oil like this.
Fish can be cooked in several ways. Among them, the methods such as stir frying, tempering fish, making milky or spicy hot gravy (curry), making fish sour cream (Malu-Ambulthiyal), or cooking fish-bistek are time taken methods of fish recipes. But, as shown in this video, it doesn't take much time to fry small fish. Both of these methods can fry small fish very quickly and easily.
Small fish such as Handello, Sadin Fish (Salayo), White Sadinella (Soudayo), Sprats (Halmasso) are very tasty when fried in this way. The video shows how to fry a small fish called Indian Anchovy (Silindo).
You have to watch the video on my Chandi Cooking Hut channel – Indian Anchovy Coconut Milk Fish Curry - how to remove the head, guts, and clean & wash the fish. Click on the video on the end screen to watch it. Or choose from the channel's videos.
A portion of fish is coated by putting in the batter made with corn flour and fried. The rest of the fish is put in the batter made without corn flour and coated with breadcrumbs and fried. Both are crispy and tasty. Most of the people like it.
Not only can you eat it with cooked rice, but you can also make a sandwich by putting this fried fish with, tomatoes slices and lettuce in the middle of buns or between the slices of bread. It can also be taken as a snack at a party.
The video also shows how to make a delicious snack without throwing away the remaining batter.
So, keep watching the video from beginning to end. You will learn a lot.

අවශ්‍ය ද්‍රව්‍ය -
කැමති කුඩා මාළු වර්ගයකින් ග්‍රෑම් 250 පමණ.
මාළු සීසන් කිරීමට:
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/ 2 යි.
මිරිස් කුඩු තේ හැඳි 1/ 4 යි.
ලුණු කුඩු තේ හැඳි 1/ 2 යි.

පළමු ක්‍රමය සඳහා බැටර් එක සෑදීමට:
පාන් පිටි මේස හැඳි 3 යි.
ඉරිඟු පිටි මේස හැඳි 1 1/ 2 යි.
මිරිස් කුඩු තේ හැඳි 1/ 4 යි.
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/ 4 යි.
ලුණු ස්වල්පයක්.
වතුර ස්වල්පයක්.

දෙවන ක්‍රමය සඳහා බැටර් එක සෑදීමට:
පාන් පිටි මේස හැඳි 3 යි.
ලුණු ස්වල්පයක්.
වතුර ස්වල්පයක්.

දෙවන ක්‍රමයේදී මාළුවල තවරා ගැනීමට:
පාන් කුඩු කෝප්ප 1/ 2 ක්.

ක්‍රම දෙකම සඳහා මාළු බැදගැනීමට:
පොල් තෙල් මිලී 250 ක් පමණ.

Ingredients Required –
About 250 grams of any small fish of your choice.
To season the fish:
1/2 teaspoon pepper powder.
1/4 teaspoon of chili powder.
1/2 teaspoon of salt powder.

To make the batter for method one:
3 tablespoons of Wheat (bread) flour.
1 1/2 tablespoons of corn flour.
1/4 teaspoon of chili powder.
1/4 teaspoon pepper powder.
A pinch of salt.
A little water.

To make the batter for method two:
3 tablespoons of bread flour.
A pinch of salt.
A little water.

In the second method, to coat the fish:
1/2 cup of bread powder.

To fry fish for both methods:
About 250 ml of coconut oil.

Timestamps-
00:00 Today topic - Small Fish Fry ( 2 methods).
00:53 Seasoning the fish.
02:17 Preparation the batter for the first method of fish fry.
04:16 Preparation the batter for the first method of fish fry.
05:51 Fish Coating technique for the second method.
08:10 Coating and frying fish taken for the first method.
12:05 Frying the coated fish - second method.
14:13 Quality highlights.
15:07 Bonus Snack.
16:34 End up messages.

#fish_fry #fish_recipes #fried_fish
#easy_recipe
#sri_lankan_recipe

Комментарии

Информация по комментариям в разработке