Mackerel Canned Fish Spicy Curry - Salmon Tin | ටින්මාළු මැකරල් රසට මිරිසට හදන හැටි (සැමන් සාඩින්)

Описание к видео Mackerel Canned Fish Spicy Curry - Salmon Tin | ටින්මාළු මැකරල් රසට මිරිසට හදන හැටි (සැමන් සාඩින්)

සැමන්, සාඩින්, මැකරල් වගේ ටින් කළ මාළුවලින් මාළු හොද්දක් (කරියක්) රසට මිරිසට හදන හැටි මේ වීඩියෝවෙන් සවිස්තරව කියා දෙනවා.
මේ ක්‍රමය, ඉක්මනින් මාළු හොද්දක් හදාගන්න පහසුම ක්‍රමයක් නිසා, මෙහෙම සැමන් හොද්දක් නියම රසට මිරිසට හදන විදිහ දැනගැනීම හරිම ප්‍රයෝජනවත්.
ශීතකරණයක නොතබා කල් තියා ගන්න පුළුවන් විදිහටයි සැමන්, සාඩින්, මැකරල් වගේ මාළු ටින්වල අසුරලා තියෙන්නෙ. ඒ නිසා හදිසියේ මාළු උයන්න අවශ්‍ය වෙන වෙලාවකට වුණත්, ගෙදර ගබඩා කරලා තියාගෙන ගන්න පුලුවන් වීම වාසියක්.
විනාඩි කිහිපය සුළු කාලයකින් මාළු හොද්දක් හදාගන්න පුළුවන් ඉතාම පහසු විදිහක් හැටියට මැකරල් වගේ ටින් මාලුවලින් මිරිසට හොද්දක් හදාගන්න එක හදුන්වාදෙන්න පුළුවන්. ඒ නිසා නේවාසිකව ඉන්න අයටත්, විනෝද ගමනක් යන අයටත් මාළු මේ විදිහට උයාගන්න එක ලේසියි.
ගමේ විදිහට ඉතාම රසවත්ව ටින් මාළු මිරිසට හොදි හදන හැටි, පියවරෙන් පියවර සරලව වීඩියෝවේ ඉදිරිපත් කරල තියෙනව. ඒ නිසා සමිපූර්ණ වීඩියෝවම බලන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලටත් රසට සැමන් මාළු හොද්දක් මිරිසට හදාගන්න පුළුවන් වේවි.

This video explains in detail how to make a spicy fish broth (curry) from canned fish (tin fish) like salmon, sardine, and mackerel.
Because this method is one of the easiest ways to make a quick fish broth, it is very useful to know how to make a canned (tin) fish curry that tastes great.
Fish such as salmon, sardine, mackerel are packed in tins so that they can be kept for a long time without being refrigerated. Therefore, even when you need to cook fish suddenly, it is an advantage to be able to store it at home.
We can introduce making a spicy broth from canned fish like mackerel or salmon as a very easy way to make a fish broth (gravy) in a few minutes. Therefore, it is easy to cook fish in this way for people who are staying at hostels or boarding houses and those who are going on a fun trip.
How to make spicy (hot) canned fish curry in a very delicious way in the village, step by step is presented in the video. So, watch the full video. Then you will definitely be able to make a delicious spicy tin fish curry such as salmon broth.
සැමන්, සාඩින්, මැකරල් ටින් මාළු මිරිසට සාදා ගැනීමට අවශ්‍ය ද්‍රවය-
ටින් මාළු (මැකරල්) ග්‍රෑම් 425 ටින් 1 යි.
රතුළූණු ගෙඩි 7 යි.
අමුමිරිස් කරල් 4 යි.
තක්කාලි ගෙඩි 2 යි.
සුදුළූණු බික් 3 යි.
අමු ඉඟුරු අඟල් 1/ 2 කැබැල්ලක්.
කරපිංචා කිනිති 2 යි.
රම්පා කොළ කැබලි කිහිපයක්.
මිරිස් කුඩු පුරවා තේ හැඳි 2 යි.
අමු තුනපහ කුඩු තේ හැඳි 1 / 2 යි.
කහ කුඩු තේ හැඳි 1 / 4 ට මදක් වැඩි‌යෙන්.
බැදපු තුනපහ කුඩු තේ හැඳි 1 යි.
ගම්මිරිස් කුඩු තේ හැඳි 1 / 2 යි.
ගොරක ක්‍රීම් තේ හැඳි 1 යි.
බැදපු උළුහාල් තේ හැඳි 1 / 2 යි.
කුරුදු පොතු කැබැල්ලක්.
ලුණු රස පදමට.
පොල් තෙල් ස්වල්පයක්.
ජලය කෝප්පයක්.
Ingredients to make salmon, sardine, mackerel canned fish spicy curry-
425 grams tin of canned fish (mackerel).
7 red onions.
4 green chili pods.
2 tomatoes.
3 cloves of garlic.
1/2 inch piece of raw ginger.
2 pinches of curry leaves.
A few pieces of Rampa leaves.
2 full teaspoons of chili powder.
1/2 teaspoon of raw curry powder.
A little more than 1/4 teaspoon of turmeric powder.
1 teaspoon of roasted curry powder.
1/2 teaspoon pepper powder.
1 teaspoon of gamboge paste.
1/2 teaspoon of roasted fenugreek (uluhal).
A piece of cinnamon bark.
Salt as per taste.
A little coconut oil.
A cup of water.

Timestamps -
00:00 Today topic - Canned Fish Spicy Curry & Introduction.
01:20 Selected canned fish & preparation.
03:18 Preparation of other ingredients.
05:02 Cooking step 1 - Tempering on Medium Flame.
07:04 Cooking step 2 - Adding fish water & water and cooking further.
08:08 Cooking step 3 - Adding tin fish & cooking on Low Flame.
10:43 Cooking step 4 - Cooking on Low Flame with covered lid.
11:04 Finalizing the cooking process - Open lid.
12:27 Getting ready for serving.
13:33 End up messages.

#canned_fish #tin_fish #fish_curry #fish_recipes
#easy_recipes
#sri_lankan_recipe
#chandi_cooking_hut

Комментарии

Информация по комментариям в разработке