කේන්ති ගිහිල්ල "තෝ" "පල" කියල වචන කිව්වොත් ඒ වචන ගැනෙන්නේ පරුෂ වචන ගණයට

Описание к видео කේන්ති ගිහිල්ල "තෝ" "පල" කියල වචන කිව්වොත් ඒ වචන ගැනෙන්නේ පරුෂ වචන ගණයට

Ven Koralayagama Saranathissa Thero - Sirasa FM Dharmasanaya 01-08-2019
පවුකරන්නා මෙලොවත් පරලොවත් තැවෙනවා...
දෙව්දත් තෙරුන් මෙච්චර දේවල් කරන බවත් දැන දැන මහා කරුණාව නිසා බුදුරජාණන් වහන්සේ මහණ කරේ.
උණු ලේ වමනය කිරීමත් සමඟ මාස 09ක් දෙව්දත් තෙර ඉතාමත් ගිලන් භාවයට පත් වුණා.
නාලාගිරි ඇතා ධනපාල ලෙස නම් වුණේ බුදුරජාණන් වහන්සේ නාලාගිරි දමනය කර මොහොතේ සිට. චණ්ඩ නාලාගිරි පසුව ධනපාල වුණා.
දෙව්දත් තෙරුන් බුදුන් බලන්නට එනබව දැනගෙන තථාගතයන් වහන්සේ කිව්වා දේවදත්තයන් කවදාවත් අයෙත් බුදුරජාණන් වහන්සේ දකින්නේ නැහැ කියල..
දේවදත්ත අවීචියට ඇදිල ගියා. දේවදත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් පංච වර ඉල්ලුව නිසා කවදාවත් අයෙත් බුදුරජාණන් වහන්සේ දකින්න වෙන්නේ නැහැ. කියල තථාගතයන් වහන්සේ වදාළ සේක.
නිරය දැක දැක දේවදත්තයන් අවසන් මොහොතේ බුදුන් සරණ ගියා.එයත් අනාගතයේ ඔහුට ඉතාමත් ලාභයක් වන බව උන්වහන්සේ දැන සිටියා.
සීලව නාගරාජ ජාතකය , ක්ෂාන්තිවාදී ජාතකය, චුල්ල ධර්මපාල ජාතකය මේ ජාතක කතා වල මහා බෝසතාණන් වහන්සේට මහා වේදනා දුන්නේ වෙන කව්රුවත් නෙමෙයි දෙව්දත්තර...
මේ තරම් අවීචියේ ඉපදී ඉපදී ගියත් පසේ බුද්ධත්වය ලබන්න තරම් පාරමිතා පුර්ණය කරලා අවසන් දෙව්දත් තෙර.
මනුෂ්‍ය වර්ෂ අසංඛ්‍ය ලක්ෂ 86 කෝටියක්‌ හෙවත් අන්තර්කල්පයක් දෙව්දත් තෙර දැන් අවීචියේ
මිනිස්සු දෙව්දත් තෙරුන් මැරුණ වෙලාවේ සැණකෙළි පැවැත්වූවා. ඒ කියන්නේ මිනිස්සු තැවී තැවී හිටියේ.
සමහර අය බොහෝ පවු කරනවා එත් එයාල බොහොම හොඳින් ජීවත් වෙනවා. ඒ පෙර පින ඉතාමත් බලවත් නිසා.
සතුන් 100ක් මරපු කෙනෙක් සතෙක් දෙන්නෙක් ගේ ජීවිත බේරගන්න පුළුවන් නම් ඒ කුසලය ඉතාමත් බලවත්
තමන් කරපු අකුසල කර්මයන් තමන් වැටුන මොහොතේ හොඳට මතක් වෙනවා - \ඒක තමයි මෙලොව තැවෙනවා කියන්නේ
මේ ලෝකයේ තිබෙන ඇති දැවැන්තම දාන 5ක් තමයි පන්සිල් කියන්නේ
දසාංග සිල් දවසක් රැක්කොත් ඒ සිල් ගුණය හිරු සඳුට වඩා වටිනවා
යුධ කල කෝලාහල කල අය උපදින නිරය තමයි සංජීවය. එහි නිර සතුන් මැරි මැරී ඉපදෙනවා
අතින් පයින් පොලු කෑලි අරන් අනිත් අයට පහර දෙන අය සංඝාතය නම් නිරයට යනවා.
සඟ සතු දේ හොරකම් කරන අයට ඉතාමත් භයානක ප්‍රතිඵල අත් වෙනවා
පරුෂ වචන කියන්නේ කුණුහරුප විතරක් නෙමෙයි. කේන්ති ගිහිල්ල කියන වචන පරුෂ
කේන්ති ගිහිල්ල "තෝ" "පල" කියල වචන කිව්වොත් ඒ වචන ගැනෙන්නේ පරුෂ වචන ගණයට.

Комментарии

Информация по комментариям в разработке